දේශීය පුවත්

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඞ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එනිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් රැගෙනවිත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’ වැඩක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (21) දින අගරදගුරුතුමන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘හරියට මීට මාසයකට පෙරයි පාස්කු ඉරිදා දින ම්ලේච්ඡ මරාගෙන මැරෙන ප‍්‍රහාරය සිදු වුණේ. ඒ ප‍්‍රහාරයෙන් කම්පනයට පත් වූ සමාජයක් තමයි අද වන තෙක් පවතින්නේ. කාදිනල්තුමන් මුණ ගැහිලා, ඒ මාසයකට පෙර සිදු වූ විනාශය පිළිබඳව අපේ කනගාටුව ප‍්‍රකාශ කළා. ඒ විනාශය එතැනින් එහාට වර්ධනය වීමට ඉඩ නොතබා කාදිනල්තුමන් ගත් ක‍්‍රියාමාර්ග පිළිබඳව අපේ ප‍්‍රශංසාව පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගත්තා.

ඒ වගේම මේ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් බිහි කරන වහාබ්වාදී ත‍්‍රස්තවාදයට උඩගෙඩි දුන් රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පිළිබඳවත් අපි මේ අවස්ථාවේ කාදිනල්තුමන් දැනුම්වත් කළා.’’

එහිදී මාධ්‍යවේදීන් නැ`ගූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා,

ප‍්‍රශ්නය : රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් රැගෙනවිත් තිබෙන මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගෙන එ්ම ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර : මේ වෙලාවේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවාම ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුව රැක ගැනීම දෙසා බලලයි රිෂාඞ් බදුර්දීන් දෙස බලන්නේ. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී රිෂාඞ් බදුර්දීන්ගේ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 06-07 දෙනා තීරණාත්මක සාධකයක් වෙනවා. මේ විදියට විශ්වාසභංග යෝජනා 02ක් ගෙන ආවාම රිෂාඞ් බදුර්දීන්ට ‘කේවල් කිරීමේ බලයක්’ ලැබෙනවා. දැන් රිෂාඞ් බදුර්දීන්ට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට කිව හැකියි, ‘නුඹලා මා බේරා නොගත්තොත් මගේ පක්ෂයේ ඡන්ද ටික ආණ්ඩුව බේරා ගැනීමට ලබා දෙන්නේ නැහැ’ කියා. පසුගිය කාලය පුරා රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවට විශ්වාසය පළ කරපු, රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිකම රැකලා දෙන්න උසාවි ගිය ජවිපෙ එකපාරටම පුදුමාකාර ආණ්ඩු විරෝධියෙක් වෙලා. මෙතැනදී කළේ තුට්ටු දෙකේ වැඩක්. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවිත් රිෂාඞ් බදුර්දීන්ට ‘තීරක බලයක්, කේවල් කිරීමේ බලයක්’ ලබා දී වහාබ්වාදී ත‍්‍රස්තවාදයේ පියවරයකු රැක දීමයි මේ සිදු කළේ.

ප‍්‍රශ්නය: මෙහෙම කළාම ජවිපෙට ලැබෙන ප‍්‍රතිලාභය කුමක්ද ?

පිළිතුර: ප‍්‍රතිලාභය බලාගන්න වෙන්නේ ඔවුන්ගේ බැංකු ගිණුම්වලට වැටිලා තිබෙන ගණන කීයද, කියන එකත් සම`ගයි. දැන් අනාවරණය වී තිබෙනවා, පසුගිය පාස්කු දින මරාගෙන මැරෙන ප‍්‍රහාරයන් සඳහා මූල්‍ය අනුග‍්‍රහය දක්වා තිබෙන්නේ, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඞ් ඊබ‍්‍රාහිම් කියලා. ඊට අමතරව එයාගෙ පුතුන් දෙදෙනෙකුම එදා මරාගෙන මැරිලා තියෙනවා. මේ ප‍්‍රහාරය පිටුපස සිට ප‍්‍රබලම මූල්‍ය ප‍්‍රවාහය තමයි මේ ඊබ‍්‍රාහිම්. මේ ඊබ‍්‍රාහිම් ජවිපෙ පමණක් නොවෙයි රිෂාඞ් බදුර්දීන්ගෙත් හිතවතා, ඥාතියා. එ් නිසා ජවිපෙ මේ මොහොතේ ඊබ‍්‍රාහිම් වෙනුවෙන් ඔහුගේ හිතවතා, ඥාතියා බේරා ගැනීමට ඉදිරිපත්ව සිටිනවා. මේ ක‍්‍රියාත්මක වන්නේ රිෂාඞ් බදුර්දීන් බේරාගැනීමේ ජවිපෙ මෙහෙයුමයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More