දේශීය පුවත්

ගොඩවැලි විකිණීමේ නිරත පුද්ගලයෙකුට එම කටයුතු නතර කරන්නැයි මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මුජායල් බදුදියුදීන් විසින් තර්ජනය කර ඇතැයි වාර්තා වෙනවා. තර්ජනයට ලක්වූ ව්‍යාපාරිකයා මන්නාරම පොලිසියේ පැමිණිල්ලක් කිරීමටද කටයුතු කර තිබේ. මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මුජායල් බදුදියුදීන් යනු කැබිනට් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකි.

තම බල ප‍්‍රදේශයේ ගොඩවැලි විකිණීමට අදාළ කටයුතු සඳහා තමාගේ අවසරය ලබා ගත යුතු බවත් එසේ අවසරයක් නොමැතිව සිදුකරන මෙම කටයුත්ත වහා නතර කරන ලෙසත් පැමිණිලිකරුට ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් තර්ජනය කරනු ලැබ ඇතැයි සඳහන්.

කෙසේ වෙතත් මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වන භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා පවසන්නේ  පෞද්ගලික ඉඩමක සිදුකරගෙන යන එම කාර්යයට අත පෙවීමට ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට බලයක් නැති බවය.

එහිදී තවදුරටත් අදහස් දක්වන භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා

“අපේ ආයතනය රජයේ පිළිගත් නීති රීතිවලට අනුවයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි නිකුත් කරන බලපත‍්‍රයට අභියෝග කරන්න ඔහුට අයිතියක් නැහැ. ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට මේ ගැන දැනුවත් කරමින් ලිපියක් යැවීමට කටයුතු කරනවා. අපගේ කාර්යයන්ට බාධා කරන්න ඔහුට ඇති බලය කුමක්ද යන්න ප‍්‍රහේළිකාවක්” යනුවෙන් අදහස් දක්වා තිබුණා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More