කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව වැරදි දිනයක් සහිතව ඉදිරිපත් කර ඇති බවට පළ වන වාර්තා ආණ්ඩු පක්ෂය විසින් ගොතන ලද බොරුවක් බව උදය ගම්මන්පිල මහතා පවසයි .
ඒකාබද්ධ විපකෂයේ මන්ත‍්‍රීවරුන් පසුගිය (16) දිනයේදී මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත බාර දුන් අතර එහි දිනය සටහන්ව තිබුණේ 2018 වසරේ බවට එම පුවතේ සදහන් විය.
එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ දිනය ගිය වසරේ ලෙසට සඳහන්ව තිබීම නිසා එය විවාදයට ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවටද එම සත්‍යබවින්තොර පුවතේ සදහන්ව තිබුණි.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල මහතා සඳහන් කළේ එම ලේඛනයේ සඳහන්ව තිබෙන දිනයට වඩා භාරදුන් දිනය වැදගත් වන බැවින් එවැනි ගැටලුවක් ඇති නොවන බවයි.
එමෙන්ම කතානායකවරයා වෙත භාරදුන් ලේඛනයේ එම දිනය නිවැරදි කර බාරදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළ අතර ඇමති රිෂාඩ්ට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකයට ඇතුලත් කර ඇති බවද සදහන්කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...