කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහෝමඩ් සහ්රාන් හෂීම් බව ඩී.එන්.ඒ. පරීක්ෂණයේදි තහවුරුවි ඇති බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවැසේ.
මොහොමඩ් සහරාන්ගේ බිරිඳගේ, දියණියගේ හා සහෝදරියකගේ ජීව නියැදි යොදාගෙන දින ගණනාවක් තිස්සේ මෙම ඩී.එන්.ඒ. පරික්ෂණය සිදුකළ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.
මෙම පරීක්ෂණයට අදාළ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාව අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...