දේශීය පුවත්

තම තමන්ගේ මැතිවරණ කොට්ඨාශවල පිහිටි පාසල් වලට ගොස් අද (21) දිනයේදී පාසල් වල ආරක්‍ෂක තත්වයන් සොයා බලා පාසල් වලට ළමුන් පැමිණීම සඳහා දිරිගැවීමට විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් පාලන නියෝජිතයින්ට කටයුතු කරන ලෙස විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතාද පුද්ගලිකවම මැදිහත් වෙමින් අද පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි තර්ස්ටන්, රාජකීය, විශාකා, හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල්වලට ගොස් පාසල් ළමුන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හා ආරක්‍ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළේය.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්, විපක්‍ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන්ද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More