නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත් සමාගමක් විසින් මන්නාරම ඔලෙයිතොඩුවායි උපරි ප්‍රදේශයේ අක්කර 508ක ඉඩමක් මිලදී ගෙන තිබෙන බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාල්සි නිමලනාදන් මහතා පවසයි.
ඉඩම නිරීක්ෂණය කිරීමේ චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙවැනි විශාල ඉඩමක් මිළදී ගෙන තිබීම සැක සහිත බවයි.
‘මෙම ඉඩම මිලදීගෙන තිබෙන්නේ 2013 වසරේදී. හිස්බුල්ලාට මේ තරම් මුදලක් ලැබුණේ කොහොමද? ඔහු ආරාබි සංස්කෘතිය අනුව මඩකලපුවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ඉදිකරමින් තිබෙනවා. එයට මුදල් ලැබී ඇත්තේ සෞදි අරාබියෙන්. එසේ තිබියදී අක්කර 508ක් වැනි විශාල ඉඩනමක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් මිලදීගෙන තිබෙන්නේ කවර අරමුණක් සදහාදැයි අප දන්නේ නෑ. මේ ගැන ආණ්ඩුවෙන් කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි‘ යැයිද මන්ත්‍රීවරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...