හිමි වරුන්ගේ වගේම කාදිනල් තුමාගේ ප‍්‍රකාශ පිලිබදවත් අපට වැටහීමක් තිබෙනවා. එම ප‍්‍රකාශත් සැලකිල්ලට අරගෙන රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට ඉදිරිපත් කොට ඇති විශ්වාස භංගය පිළිබදව මේ වෙන කොට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ අනුව අපි විශ්වාස භංගයේදී ඡන්දය ප‍්‍රකාශ කරනවා යැයි පාර්ලිමෙන්තුවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා හම්බන්තොටදී පැවසීය.
හම්බන්තොට කටුවැව සාමෝදාගම ග‍්‍රාමීය විදුලි ව්‍යාපෘතිය පෙරේදා (19) විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ මහින්ද අමරවීර මහතා එසේ පැවසීය. මේ රටට ද්‍රෝහි වෙන්න අපට පුළුවන් කමක් නෑ. ඒ අදහස්ද සැලකිල්ලට අරගෙන අපේ පක්ෂය විශ්වාසභංග යෝජනාව පිළිබදව තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ තීන්දුව කුමක්ද කියා ඉදිරියේදී මේ රටේ ජනතාවට දැන ගන්න පුළුවන්.
එමෙන්ම ආණ්ඩුව ගෙන ඒමට තැත් කරන ප‍්‍රතිත‍්‍රස්ත පනත පාර්ලිමෙන්තුවේදී පරාජයට පත් කරන්න අපි කටයුතු කරනවා. කිරිඇල්ල ඇමතිවරයාට වුවමනා විදියට බටහිරින් එන ඕනෑම දෙයක් පිළි ගන්නට අප සූදානම් නෑ. රටේ ස්වාධීනත්වයට හානි කරන කිසිම ගිවිසුමකට අප එකගවෙන්නේ නෑ. කිරිඇල්ල ඇමතිවරයා ප‍්‍රමුඛ සමහරුන්ට බටහිරින් එන ඕනම දෙයක් හොද වුනාට අපිට එහෙම කටයුතු කරන්න බෑ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...