පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තවුහිද් ජමාත් ත‍්‍රස්ත කණ්ඩායමට අයත් තවත් සාමාජිකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කරමින් සිටි නවුෂාඞ් නමැත්තා සහ කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි සහජාන් නමැති තවුහිද් ජමාත් සාමාජිකයන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී පාර්ලිමේන්තුවේ සේවය කරන තවුහිද් ජමාත් සංවිධානයේ තවත් සාමාජිකයන් පිරිසක් පිළිබ`දව තොරතුරු හෙළි වී තිබිණි.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතා දැනුවත් කර ඇති අතර, එ් මහතාගේද පූර්ණ සහාය ඇතිව ඉදිරියේදී මොවුන් අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියාකරගෙන යන බව පොලිසිය පවසයි.
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු වූ නවුෂාඞ් නමැත්තා වසර 13 ක් තිස්සේ එම තනතුරේ රාජකාරි කළ අයෙකි.
මොහු තවුහිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ නායකයා වූ සහරාන් සමග එක්ව එම සංවිධානයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් කළ අයකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තවුහිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ සාමාජිකයන් පාර්ලිමේන්තු සංකීර්ණයේ රැකියා කිරීම පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට ද බරපතළ තර්ජනයක් බව පොලිසිය පවසයි.
එනිසා මෙම සැකකරුවන් නොබෝ දිනකින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ රහසිගත සැලසුම් පිළිබදව ද හෙළිකර ගන්නා බව පොලිසිය පවසයි.
වයඹ පළාත භාර ජ්‍යෙෂ්්‍ය නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක පුෂ්පලාල් මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
හේමන්ත රන්දුණු
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...