දේශීය පුවත්

ඇතැම් භික්ෂූන් වහන්සේලා බුද්ධ ධර්මයට පිටින් කටයුතු කරන බවට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ උවමනාවකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

අද (20දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“වෙසක් පෝය දිනයේ දී අධිකරණ ඇමතිනිය අපූරු ප්‍රකාශයක් කළා. ඒ තමයි සමහර භික්ෂුන් වහන්සේලා බුදුන් දේශනා කළ ධර්මයට පිටින් ගිහින් අනුන් විනාශ කිරීමට පෙළෙඹෙනවා කියා එතුමිය කිව්වා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට භික්ෂුන් වහන්සේලා ගිය බව අපට නම් ආරංචි වුණේ නෑ.

පන්සල් ඇතුලේ පුපුරණ ද්‍රව්‍ය එක් රැස් කළා කියලා පත්තරයකවත් තිබුණේ නෑ. ඒ නිසා මහ සංඝරත්නයට අපහාස නොකර අනුන් විනාශ කළ සමහර භික්ෂුන් වහන්සේලා කවුදැයි එතුමිය දැන් රටට කිව යුතුයි. එහෙම නැත්නම් එතුමිය වෙසක් පුන් පොහොය දිනම මහා සංඝරත්නයට අපහාස කලා වෙනවා.

ඒ වගේම සිවුරු සිය ගණනින් මුස්ලිම් අන්තවාදින් සතුව තිබිය දී සිවුරු පොරවා ගත් මුස්ලිම්වරුන් අත්අඩංගුවට පත් වෙද්දී යම් පහර දීමක සිවුරු දරා ගත් අයෙකු දුටු පමණින් ඒ භික්ෂුන් වහන්සේ නමක් කියා තීරණය කලේ කොහොමද කියා අපට කියන්න ඕනේ?

ඒ වගේම භික්ෂු විනය ගැන වෙසක් අනුශාසනා පවත්වන්න එතුමිය කවුද? විසාකා මහ උපාසකාවිය තබා භික්ෂුණි සසුන ඇරඹූ බුදුන් වහන්සේගේ සුළු මව් ප්‍රජාපති ගෝතමියවත් භික්ෂු විනය ගැන කතා කලේ නෑ. මංගල ඇමතිතුමා වගේ ඔබතුමියත් ඇමෙරිකාවෙන් ඔළුව හෝදා ගෙන කියාලයි අපට නම් හිතෙන්නේ. වෙසක් පෝය දවසේ මෙහෙම ප්‍රකාශයක් කළාම බෞද්ධයින්ගේ සිත රිදෙන බව ඔබතුමියට සිහිපත් වුණේ නැද්ද?

මංගල ඇමතිතුමාට වගේම තලතා ඇමතිතුමියටත් ඕනෑ රට ගිනි තියලා විදේශ හමුදා ගොඩ බස්සා ගන්නයි. අගමැතිතුමන්ගේ සිහින සැබෑ කරන්නයි. ඒ නිසා තමයි රට ගිනි ගන්නා ප්‍රකාශ කරන්නේ. ඒ අතරේ එක්සත් ජාතින්ගේ ආර් ටු පි නැතිනම් ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ විශේෂ උපදේශිකා කැරන් ස්මිත් ලංකාවේ බෞද්ධයින් මුස්ලිම් සහ ක්‍රිස්තියානි සුළුතරයට හිංසා කරනවා කියා ප්‍රකාශ නිකුත් කරනවා.

සුළු ජන කොටස් ආරක්ෂා කිරීමට හමුදා ගොඩ බැස්ස විය යුතු රටවල් තීරණය කිරීම තමයි කැරන් නෝනාගේ වගකීම. බෞද්ධයන්ගෙන් අන් අය බේරා ගන්න ලංකාවට හමුදාවක් යැව්වොත් හොඳයි වගේ කියලා කැරන් නෝනා හිතන කොටම “මෙන්න හාමුදුරුවරු අනුන් විනාශ කරනවෝ” කියලා තලතා නෝනා කෑගහනවා. එහෙම නම් තලතා ඇමතිතුමිය මේ ඉටු කරන්නේ ඇමෙරිකාවේ කොන්ත්‍රාත්තුවක් නොවේ ද? එක්සත් ජාතීන්ගේ උවමනාව නොවෙයිද?”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More