ජනතා විමුක්ති පෙරමුණ ආන්ඩුවට විරුද්ධව ගෙන ඒමට උත්සහ දරන විශ්වාසභංගයේ අරමුණ වන්නේ රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා ආරක්ෂා කර ගැනීම බව රක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසයි.
ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග ගෙන ඒමෙන් සිදු වන්නේ එම සියලු දෙනා එක්ව බදියුදීන් අමතක කර නැවතත් ආණ්ඩුව රැක ගැනීම සඳහා කටයුතු කිරීම බවද මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියා සිටියේය.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ මේ සිදුකර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවන් අනුව ආණ්ඩුව රැක ගැනීමට අවශ්‍ය මූලික පදනම දැමීම බවද ඔහු කියා සිටී.
බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව තම කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ ඊට අත්සන් නොතැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහාය දෙන බවට ප්‍රකාශ කර ඇතැයි තමන් පුවත්පත්වලින් දුටු බව පැවසූ අලුත්ගමගේ මහතා ඒ අනුව එම යෝජනාව ජරග්‍රහණය කිරීමට තමන්ට හැකියාව ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.
මන්ත්‍රීවරමා මේ බව සදහන් කළේ අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...