දේශීය පුවත්

අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවට

අප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට හා ත්‍රස්ථ ක්‍රියා සඳහා අනුබල දුන් සැකකරුවන් 6දෙනෙක් කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අතුරින් පුද්ගලයින් 3 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කර අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, අනෙක් 3 දෙනා මේ වන විට කුරුණෑගල පොලිස් බාරයේ රඳවා තබා ගෙන විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අද(20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් අධිකාරීවරයා මෙම කරුණු අනාවරණ කළේය.

කුරුණෑගල පොලිස් වසමේ අලකොළ දෙණිය ප්‍රදේශයේ පොල් ඉඩමක යම් පිරිසක් පුහුණු කඳවුරක් පවත්වා ඇති බවට කුරුණෑගල පොලීසියට තොරතුරක් ලැබී තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් සිදුකල විමර්ශන අනුව, කුරුණෑගල පොලීසිය විසින් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් එක් පුද්ගලයෙක් මෙම පොල් ඉඩමේ අයිතිකරු වන අලකොළ දෙණිය, කුරුණෑගල පදිංචිකරුවෙකි.

අනෙක් පුද්ගලයා පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය කළ තැනැත්තා වන තල්ගස්පිටිය, අඹකොටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබේ.

තුන්වැනි පුද්ගලයා වන්නේ පුහුණු වැඩසටහනේ දේශකයෙක් වන නුවර පාර, තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොවුන් තිදෙනා පසුගිය මැයි මස 9 වන දින අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීමේ දී තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල පොලීසිය පසුගිය මැයි 11 වන දින සමත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More