පුරවැසි කොලම

කොටි තහනම

February 1, 2018 6:47 am | Lanka Lead News

කොටි තහනම ඉවත් කළයුතු යෑයි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥනම් ප්‍රකාශ කර ඇත. කොටි සංවිධානය නැවත පණගසා නැගිටීම ඉමහත් භක්‌තියෙන් බලාපොරොත්තු වන මේ සභාපතිවරයා තහනම ඉවත් කරන්නැයි මොරදෙයි. ලොව දරුණුතම ත්‍රස්‌ත සංවිධානය පුරා වසර තිහක්‌ තිස්‌සේ මේ මවු බිමට කළ හානිය ලෙහෙසියෙන් අමතක කළ හැකිද? ලෙයින් යකඩින් ලියෑවුණු ඒ අතීතය නොසලකා කොටි තහනම ඉවත් කළ හැකිද? මෙය කිසි ලෙසකින්වත් සිදුකළ යුත්තක්‌ නම් නොවේ. නයිපැටව් ඔඩොක්‌කුවේ දමා සුරතල් කිරීමට කැමති කවුරුන්ද?

සිංහල, දෙමළ, මුස්‌ලිම් වැසියන් ලක්‍ෂයකට අධික පිsරිසක්‌ කොටි සංවිධානය දියත් කළ යුද්ධය නිසා ඝාතනය විය. කොළඹ නගරය පුරා පිපිරී ගිය මරාගෙන මැරෙන බෝම්බවලින් මිනිස්‌ සිරුරු කෑලි කෑලිවලට කැඩී සීසීකඩ විය. ඒවා සිදුකළේ කවුරුන්ද? දැන් කොටි හම ගැලවී බැටළු හම ආදේශවී ඇත්ද? උතුරු පළාත් සභාපතිවරයා නම් කොටින්ට බැටළු හම පෙරවීමට අවශ්‍ය නිසා තහනම ඉවත් කරන්නැයි මොර දෙයි. කොටි සංවිධානය පරාජයවී තවම වසර දහයක්‌වත් ගතවී නැත. කොටි පරාජයවී වසර සියයක්‌ ගත වුවද මෙම තහනම ඉවත් කළ යුතු නැත. එසේ නොවුණහොත් එය කොටි සංවිධානය විසින් ඝාතනය වූ සිය දහස්‌ ගණනට කරන නිග්‍රහයකි. රට බේරාගත් රණවිරුවන්ට එරෙහිවීමකි.

සිවඥනම් ප්‍රකාශ කරන්නේ කොටි තහනම ප්‍රායෝගික නොවන බවයි. දෙමළ සන්ධානයට කොටි තහනම ප්‍රායෝගික නොවුණද එය සමස්‌ත ජාතියේ ආරක්‍ෂාවට වැදගත්ය. පළාත් පාලන මැතිවරණ සමයේ මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ දෙමළ ජනතාව වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමට බව පැහැදිලිය. කොටි හිතවාදීන්ට දෙමළ ඩයස්‌පෝරාවට සිවඥනම්ගේ කතා ආකර්ෂණීය වුවද මෙරට බහුතර ජනතාවට මේ කතා ආකර්ෂණීය නොවේ.

එල්ටීටීඊ සංවිධානය යුද්ධ කළේ ගල්කටස්‌වලින් නම් නොවේ. කාලතුවක්‌කු වලිනි. කුරුම්බැට්‌ටි යානා ලෙසින් හෝ ගුවන් ප්‍රහාරක බලයක්‌ද ඔවුන් සතුව තිබිණි. එලෙස පැවැති සංවිධානය විනාශවී ගියද මේ බෙදුම්වාදීන්ගේ අනතුර තවම පහවගොස්‌ නැත. මේ අනතුර ලෙහෙසියෙන් පහව යන්නේද නැත.

ඔසාමා බින් ලාඩන්ගේ අල්ඛයිඩාව ත්‍රස්‌ත ලැයිස්‌තුවෙන් ඉවත් කරන්නැයි කිසිම මුස්‌ලිම් රටක්‌ හෝ සංවිධානයක්‌ ඇමරිකාවට බලකරන්නේ නැත. ඔසාමා මිය ගියද මේ තර්ජනය අවසන්ව නැත. සැබවින්ම එල්ටීටීඊයේ තහනම ඉවත් කිරීමට කතා කිරීමම රාජෙද්‍රdaහී ක්‍රියාවකි.

හිටපු එල්ටීටීඊ සාමාජිකයන් අවි ආයුධ භාරදී ඇති බව උතුරු පළාත් සභා සභාපතිවරයා කියයි. නමුත් කොටි සාමාජිකයන් සිය කැමැත්තෙන් ආයුධ අතහැරියේ නැත. කොටි සංවිධානය පරාජය වූ නිසා අවි ආයුධ දමා පලා යන්නට සිදුවිය. අවි ආයුධ සඟවා සිවිල් වැසියන්ගේ වෙස්‌ වලාගෙන හමුදාවට යටත් වන්නට සිදුවිය. සිවඥනම් කියන පරිදි කොටි සාමාජිකයන් පූස්‌ පැටවුන් නොවේ. ඔහුට මේ පිරිස අහිංසකය. නිරහංකාරය.

අත්අඩංගුවේ සිටින කොටි සාමාජිකයින්ද නිදහස්‌ කරන්නැයි සිවඥනම් ඉල්ලීමක්‌ කර ඇත. යුද අපරාධ සිදුකළ දරුණු අපරාධකරුවන් නිදහස්‌ කරන්නේ කෙසේද? මෙය ජාතික ආරක්‍ෂාවට බරපතළ තර්ජනයකි. එම නිසාම උතුරු පළාත් සභාපතිවරයාගේ ඉල්ලීම් නිර්දය ලෙස ප්‍රතික්‍ෂේප කළ යුතුය.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More