දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල කාලය 2020 මැයි දක්වා දීර්ඝ කර ගැනීමට සැලසුම් කර ඇති බවත් එය මේ අවස්ථාවේ කාලෝචිත නොවන, නුසුදුසු, අනවශ්‍ය, ව්‍යාකූලතා උද්දීපනය කරන, ප්‍රඥා ගෝචර නොවන කටයුත්තක් සේ දකින බවත් සදහන් කරමින් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිතුමන්ට ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය පහත දැක්වේ.

20.05.2019

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා.
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

ඔබතුමන්ගේ නිල කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධවයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය සම්මත වීමෙන් පසු, විධායක ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන්වන්නේ පූර්ව ජනාධිපතිවරණය පැවති 2015 ජනවාරි 8 දින සිට වසර 5 කින්ද නොඑසේනම් කතානායකවරයා 19 සංශෝධනය බලාත්මක කරමින් සිය අත්සන යෙදු 2015 මැයි මස 15 දින සිට වසර 5 කින්ද යන්න සම්බන්ධයෙන්, ඔබතුමා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්ති ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සුදානමින් සිටින බව විශ්වාසනීය ආරංචි මාර්ග මගින් අපි දැනුම්වත් වීමු.

අ) 19 සංශෝධනය සම්මත වීමෙන් පසු ඔබතුමන්ගේ නිල කාලය වසර 6ක් නොව 5ක් බව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය දැනුම් දී ඇති හෙයින් ද,

ආ) 2018 වසරේ නොවැම්බර් මස පාර්ලිමේන්තුව විසිරවීම බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දු ප්‍රකාරව 19 සංශෝධනයට පෙර සහ පසු (සෛද්ධාන්තිකව සහ ප්‍රයෝගිකව) සිටින්නේ එකම ජනාධිපතිවරයා බව ගම්‍ය වන හෙයින් ද,

ඇ) ”නව ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරු පත්කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් මතය විමසන බව” ඔබතුමා සභාපතීත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කුරුණෑගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මීට සති කිහිපයකට පෙර ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්චාවකදී ප්‍රකාශ කළ හෙයින්, නව අග විනිසුරු පත් කිරීමෙහිලා මේ කරුණ යම් බලපෑමක් සිදු කළ බවට සාධාරණ සැකයක් ජනතා සිත් සතන් තුල පැන නැගී ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන විශ්වාසය පලුදු වීමට එයම හේතුවක් විය හැකි හෙයින් ද,

මේ අවස්ථාවේ ඔබතුමන්ගේ නිල කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම විමසීමට අපේක්ෂා කරන්නේනම් එය කාලෝචිත නොවන, නුසුදුසු, අනවශ්‍ය, ව්‍යාකූලතා උද්දීපනය කරන, ප්‍රඥා ගෝචර නොවන කටයුත්තක් සේ අපි දකිමු. ඒවෙනුවට පූර්ව ජනාධිපතිවරණය පැවති 2015 ජනවාරි 8 දින සිට වසර 5 කින් (හෝ ඊට පෙර) ජනාධිපතිවරණයක් කැඳවා ජනතා අභිලාශය මුදුන්පමුණුවා ගැනීමට ඉඩප්‍රස්ථා විවර කිරීම ඔබතුමාගේ ගෞරවයටත් රටේ යහපතටත් හේතු වන බව අපි මහත් ඕනෑකමින් ඔබතුමන්ට සැල කර සිටින්නෙමු.

තෙරුවන් සරණයි,

මහාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත හිමි-සම සභාපති
මහාචාර්ය චන්න ජයසුමන- මහ ලේකම්
මහාචාර්ය රන්ජිත් සේනාරත්න-සම සභාපති
මහාචාර්ය සිසිර සිරිබද්දන-සම සභාපති
මහාචාර්ය මාලා අමරසිංහ-සම සභාපති
මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම-සම සභාපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන -උප ලේකම්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතීඥ රාජා ගුණරත්න- උප සභාපති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More