ව්‍යාපාරික පුවත්

පසුගිය වර්ෂවලට සාපේක්ෂව වාහන අලෙවිය සියයට 85 කින් පමණ පහත වැටී ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදිපයට පැවසීය.

මේ හේතුවෙන් වාහන ආනයනකරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇතැයිද රන්ජන් පීරිස් මහතා සඳහන් කළේය.

වාහන සඳහා පනවා ඇති බදු මුදල් ඉහළ දැමීම, රුපියල අව ප‍්‍රමාණය වීමෙන් වාහන වල මිල ඉහළ යාම හේතුවෙන් වාහන අලෙවිය සියයට හැටකින් පමණ අඩුවී තිබූ බවත් පාස්කු ප‍්‍රහාරයෙන් පසු මෙම තත්වය සියයයට 85කින් පමණ වර්ධනය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

රට තුළ ආර්ථිකය කඩා වැටීම, ව්‍යාපාර කඩාවැටීම, ජනතාවගේ ආදායම් මාර්ග අවහිර වීම මෙම තත්වයට බෙහෙවින් බලපා ඇතැයිද රන්ජන් පීරිස් මහතා පැවැසීය.

මෙරට තුළ වැඩි වශයෙන් අලෙවි වන සුසුකි වැගන් ආර්, ටොයටා ඇක්සියෝ, ප‍්‍රිමියෝ, ටොයටා විට්ස් මෝටර් රථ වල සිට සියලූම වාහන සඳහා මෙම තත්වය බලපා ඇතැයිද ඔහු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More