දේශීය පුවත්

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්නැයි තමන් නීති අංශවලින් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

තමන්ට දැන් ඉතිරිව ඇත්තේ නීතියේ සරණ පමණක් බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවෙහි ඊයේ (19) පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන්ට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බව කී අගරදගුරුතුමෝ එම නිසාවෙන් අත සෝදාගෙන පැත්තකට වී සිටීමට නොහැකි බව ද කීහ.

නමුත් රටේ නායකත්වය අත සෝදාගැනීමේ ක‍්‍රියාවලියකට එළඹ සිටින බව ද කාදිනල්තුමෝ කියා සිටියහ.

මේ අතර පසුගිය දා සිදුවූ සිදුවීම පිටුපස සිටින පුද්ගලයන් ගැන සොයා බලා රජය හා ආරක්ෂක අංශ ඔවුන් පිළිබඳව පියවර ගත යුතු බව ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ප‍්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ ජනතාව අතර සිංහල සංස්කෘතියක් ඇති බවත් ඒ සංස්කෘතිය ගොඩනැගී ඇත්තේ බුද්ධාගමේ සංකල්ප සහ ඉගැන්වීම් පදනම් කරගෙන බවත් කී අගරදගුරුතුමෝ ශ‍්‍රී ලංකාව බුද්ධාගම සම්බන්ධ නැති රටක් බවට කිව නොහැකි බවද කීහ.

ලංකාව සිංහල ආර්ය සංස්කෘතියකට අනුව සකස් වූ රටක් බව කී කාදිනල්තුමෝ රටට ඉහළින් ගමන් ගන්නා විට වැඩිපුරම දක්නට ලැබෙන්නේ වැව් සහ දාගැබ් බව ද සඳහන් කළහ.

මේ වන විට මීගමුව ප‍්‍රදේශයේ ගෙයින් ගෙට සෝදිසි කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එය වැදගත් ආරක්ෂක ක‍්‍රියාදාමයක් බවත් කාදිනල්තුමෝ කීහ.

ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියෝ ද මෙම වැඩසටහනට වැඩම කර සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More