දේශීය පුවත්

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනවට සහාය පළ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු බහුතරයක් බලකර සිටිති.

පාස්කු ඉරිදා සිදුවූ පිපිරවීම්වලට සම්බන්ධ සැකකරුවකු මුදා හැරීම සඳහා යුද හමුදාපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදානාවන් මත දෙමළ ජාතික සන්ධානය මීට සහාය දැක්විය යුතු බවට බහුතරයකගේ අදහස වී ඇතැයි එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14න් 8දෙනෙකු පමණ මෙම තීරණයේ පසුවන බවත් ඔවුන්ගේ අදහස් හා යෝජනාවන් සන්ධානයේ නායකත්වය වෙත යොමු කර ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලන ධාරාවෙන් ද විශ්වාසභංගයට සහාය විය යුතු බවට බලපෑම් එල්ල වෙමින් පවතී.

කෙසේ නමුත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය මේ සතියේ දී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කැඳවීමට සූදානමින් සිටින බවත් එකී සාකච්ඡාවේ දී දෙමළ ජාතික සන්ධානය අවසන් තීරණය ගනු ඇති බවත් එම ප්‍රකාශකයා අවසන් වශයෙන් සඳහන් කර සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More