මේ කාත්තකුඩි නගරයේ තියෙන්නේ වහාබ් පාලනයක්. ඒක හරියට දකුණු අප්‍රිකාවේ තිබුණු වර්ණ භේදවාදී පාලනය වගේ එකක්.’ වහාබ් අන්තවාදය පිළිනොගන්න කිසිම කෙනෙකුට නිදහසක් නෑ, මේ නගරේ ජීවත් වෙන්න බෑ. මරා දාන්න පුළුවන්. කඩු අරන් කපන්න පුළුවන්. අපිට අන්තිම මාරාන්තික ප්‍රහාරය එල්ල වුණේ 2017 මාර්තු මාසේ දහවෙනිදා. එදා අපේ ස්වදේශික මුස්ලිම් බැතිමතුන් දෙන්නෙක්ව කඩුවලින් කැපුවා. තාමත් මේ අපරාධකාරයෝ නිදැල්ලෙ ඉන්නේ.
සමස්ත ලංකා ජමියතුල් උලේමාවරුන්ගේ අනුමැතියෙන් පනවපු ෆට්වාව කාත්තන්කුඩි උලේමාවරු අනුමත කරලයි තියෙන්නේ. ඒ නිසා මේ ඉන්න සියලුම සූෆි බැතිමතුන්ව මරා දැමීමට නියමිතයි. මේ වහබි ඉගැන්වීම අනුව අපිව මරන උදවියට දෙව්ලොව යන්න පුළුවන්. ඒ අපි මුස්ලිම්වරු වුණත් අපේ ගුරුවරුන්ගේ සොහොන්වලට ගරු කරනවා. ඔවුන්ගේ දිව්‍යමය හැකියාවන් විශ්වාස කරනව.’
වහාබින් වීරයන් ගැලවුම්කාරයන් හැටියට සලකන උලේමාවරුත්, පල්ලි පාලක මණ්ඩලත් තමන්ගේ දේශපාලන බලය, සෞදි රියාල් බලයෙන් සියලු දෙනාම යටත් කරගෙනයි ඉන්නේ. ඒ නිසා රටේ අනෙක් පළාත්වල නීති මෙහේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඔවුන් කරන අපරාධ වසන් කරනවා. හොඳම උදාහරණය අර පොලිස් නිලධාරීන් දෙදෙනා මරපු එක. අප්‍රේල් 21 ප්‍රහාරය නොවෙන්න ඒ වෙනුවෙන් දඬුවම් විඳින්නේ පැත්තක හිටපු දෙමළ තරුණයෝ දෙන්නෙක්. පොලිසියේ නායකයොත්, හමුදාවේ නායකයොත් විස්වාස කරන්නේ උලෙමාවරු හා පල්ලි පාලක සංගම් කියන දේ. ඔවුන්ගේ උපදෙස් මතයි වැඩ කරන්නේ.
ජාතික තව්හීද් ජමාත් තාම කාත්තන්කුඩියෙ වැඩ. තාමත් ඔවුන්ගේ කාර්යාලවල ක්‍රියාකාරිකයෝ ඉන්නවා. ආයුධ තියෙනවා. මේව අපි කල්වේලා ඇතිව වගකිව යුත්තන්ට කිව්වා. සහරාන් හා අන්තවාදීන් මේ රට ඉස්ලාම් රාජ්‍යක් කරන්න වැඩ කරනවා කියා. නමුත් අපි කියපු දේ ඇහුනේ නෑ, දැන්වත් ඇහුණොත් මේ රටට යහපතක් වේවි.
එච්.ඇම්. අමීර්
ප්‍රකාශක අබ්දුල්ලා ජවාත් අලීම් පදනම
www.colombotoday.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...