යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට රජය කටයුතු කරනු ලබන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ 30/1 යෝජනාවට සමඅනුග්‍රහය දැක්වීමේ එක් කොන්දේසියකට අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අද(19) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර විපක්ෂයක් ලෙස රට යථාතත්වයට පත් කර ගැනීම සඳහා ඕනැම සහයෝගයක් ලබාදීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ පසුගිය බෝම්බ ප්‍රහාරයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ගැටලු සොයා බැලීමට ඔම්බුඩ්ස්මන් කාර්යාලයක් වහාම ස්ථාපිත කළ යුතු බවයි.
මේ අතර මෙරට පළාත් සභා පාසල් වල ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් ලබන සතියේ සිට සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මහතා බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...