දේශීය පුවත්

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහය ලබාදුන් බවට කියවෙන ආමාත්‍ය රිෂාද් බදියුදින් මහතා ඇතුළු පිරිසට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව බරපතළ සැකයක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි.

හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ත්‍රස්තවාදී කණ්ඩායම් වලට සහය ලබා දුන් බවට චෝදනා කරන රිෂාඩ් බදුර්දීන් හා අනෙක් ආණ්ඩුකාරවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ආණ්ඩුව විසින් ඉදිරියේදි ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී මුස්ලිම් ඡන්ද ලබා ගැනීමේ අරමුණින් බව ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන එන විශ්වාසභංග යෝජනාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන් සහයෝගය ලබා දිය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More