දේශීය පුවත්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, සිර දඩුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හමු වී තිබේ.

බන්ධනාගාර රෝහලේදී මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.

ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙනෙකුට නිදහස ලබාදීම වෙනුවෙන් ඊයේ (18) පැවති උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා උන්වහන්සේ හමු වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි මාධ්‍ය වෙතපවසා තිබේ.

එහිදී “අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රිවරයෙක් හැටියට අපිටත් වගකීමක් තියෙනවා…මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. ඉදිරියේදී යම්කිසි ක්‍රියාමාර්ගයක් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා.” යනුවෙන් ද සඳහන් කර ඇත.

කලහාකාරී සිද්ධීන් ඇති නොවීමට වගබලා ගන්නා බවට ලබා දෙන සහතිකයක් මත පමණක් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කළ යුතු බව මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More