දේශීය පුවත්

කොළඹ – 07 ශ්‍රී සම්බෝධි විහාරය වෙත ගිය විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ආගමික වතාවත්වල යෙදී ආශිර්වාද ලබාගත්තේය.

මෙහිදී යුද්ධයේදී මිය ගිය රණවිරුවන් සිහිපත් කර පැවති පහන් පූජාවකටද විපක්‍ෂ නායකවරයා සහභාගී විය.‍

සම්බෝධි විහාරය ඉදිරිපිට හා විපක්‍ෂ නායකවරයාගේ නිල නිවස ඉදිරිපිට මාර්ගය වෙසක් සැරසිලිවලින් වර්ණවත් කර ඇත.

මෙම අවස්ථාවට සම්බෝධි විහාරයේ විහාරාධිපති හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඥාණ හිමි හා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාද එක්වූහ.

මේ අතර කැළණිය රජමහා විහාරය වෙත අද පස්වරුවේ ගිය විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙසක් පෝදා වෙනුවෙන් පැවති විශේෂ ආගමික වැඩසටහන් සඳහා සහභාගී වී අශිර්වාද ලබාගත්තේය.

මේ අතර තලාතුඔය, පුබුදුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවය අද ‍පස්වරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමෙන් අනතුරුව ප්‍රථම මල් පූජාව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් සිදුවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More