දේශීය පුවත්

අදට යෙදෙන වෙසක් පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දුන්නේය.

එහි ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රෙය්දී පැවැත්වුණි.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන්  සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීමේ ජාතික උත්සවය වැලිකඩ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී සුළු වැරදි සම්බන්ධයෙන් දිවයිනේ බන්ධනාගාර 30ක රැඳවියන් ලෙස සිටි පුද්ගලයින් 762 දෙදෙනෙකුට ජනාධිපති පොදු සමාව හිමිවුණි.

එහිදී සිය අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ නිදහස ලබා නැවත සමාජයට යන සිරකරුවන් ලෙස ඔවුන් නැවත වැරදි සමාජයට එක්වුවහොත් සියළු දෙනාගේම දෝෂාරෝපණ එල්ල වන්නේ තමන් වෙත බවය.

එනිසා ඔවුන් නිදහස් කිරීමේ වගකීම තමන් බාර ගෙන ඇති අතර මේ රටේ පළමු මහජන සේවකයා ලෙස තමන් දැඩි ලෙස අද නිදහස ලබන රැඳවියන් මත විශ්වාසය තබන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

තමන් ඔවුන්ගෙන් ඉල්ල සිටින්නේ නැවත වැරදි සමාජයට එකතු වීමෙන් වළකින ලෙස බවත් ජනාධිපතිවරයා කියා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More