දේශීය පුවත්

පවතින තත්ත්වයත් සමග අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරන්ට එරෙහිව කිසියම් තීන්දුවක් ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුවෙන් ඉවත් වන බව පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු බහුතරයක් ආණ්ඩුවේ ප්‍රබලයෙකුට අනතුරු අඟවා ඇත.

අදාළ ප්‍රධානියා සහ මුස්ලිම් මන්ත්‍රීවරු පසුගිය දිනවල රහස් සාකච්ඡාවක් කොළඹදී පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවද පවසා තිබේ.

මුස්ලිම් දේවස්ථාන සහ මුස්ලිම් නිවාස ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී මුස්ලිම් ජනතාවගේ සිත් නොරිදෙන ලෙස හැසිරීමට ආරක්ෂක අංශවලට උපදෙස් දෙන ලෙසද මුස්ලිම් මන්ත්‍රීවරු එහිදී දැනුම් දී තිබේ.

යම් අයුරකින් මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවේ 113 අහිමි වීමේ තර්ජනයකටද ආණ්ඩුව මුහුණ දී තිබේ.



One thought on “බදුයුදීන්ට,මුජිබර්ට අත නොතබනු..! මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවට තග දමති”

  1. බදුයුදීන්, අසාද් සාලි, මුජිබර් රහුමාන්ලා සහ ඔවුන්ගේ පදේට සහ සල්ලි වලට නැටවෙන දේශාපාළුවන්, පොලිස් ලොක්කන් සිටින තුරු අපට මේ ව්‍යසනයෙන් ගොඩ එන්න බැරි බව පේනවා.
    ඒ නිසා දැන් ඉතින් නොපෙනෙන බලවේග වලින් හරි උදව් ගන්න වේලාව ඇවිත්. මේ ලිපිය කියෙව්වම කරන්න ඕන දේ දැනගන්න පුළුවන් වෙයි-> (https://storage.googleapis.com/www.waharaka.com/HelaBoduPiyuma/06.pdf#page=20 )

    හැබැයි ඔය කියන පුද්ගලයන්ට නමුත් හිංසාවක් නොපතා, රටට වී ඇති සහ වෙන්නට යන ව්‍යසනයෙන් බේරීමට පමණක් යන කරුණ උදෙසා ඔවුන්ගේ අසාධාරණ ක්‍රියා සදහා මුදල් ලැබෙන මාර්ග වැසීමටත් ඔවුන්ගේ බලපුළුවන්කාරකම් නැතිවී යාමටත්, රටට දැන දැනම වින කරන දේශපාලකයන් බලයෙන් පහවීමටත්, රටට පැමිණ සිටින විදේශීය ඔත්තු කරුවන්ට රටින් පිටව යාමට මං සැලැස්වීමටත් යන කාරණා මුල් කරගෙන හැකිතරම් පිරිසිදු සිතින් මේ කාර්ය කිරීමට පිළිවන් අය සොයා ගන්න.

    මෙවැන්නකට සමාන නැති නමුත්, කිසියම් දෙවියන් යැදිල්ලකට පිරිසක් (?කතරගම දේවාලයට) යනවාත් ලගදී අප දුටුවා. එවැනි මාද්‍ය සංදර්ශන නොමැතිව හැකි පමණ නිහඩ ලෙස මෙය කරන්න. ඒ වගේම මිනිසුන්ගේ සාධාරණ ඉල්ලීම් සදහා පමණක් පිහිට වන සිල්වත් කපු මහතකු සොයා ගන්න. මිනිසුන් මෙවැනි දේ අසාධාරණ ක්‍රියා වලට යොදා ගැනීමේ ප්‍රවනතාවක් ඇතිවීම වැළැක්වීම සදහා වැඩය හරි ගියාට පසුවත් ඒ ගැන නිහඩ වන්න.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More