දේශීය පුවත්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව වැරදි දිනයක් සහිතව ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි වාර්ථාවේ.

ඒකාබද්ධ විපකෂයේ මන්ත‍්‍රීවරුන් ඊයේ (16) දිනයේදී මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත බාර දුන් අතර එහි දිනය සටහන්ව තිබුණේ 2018 වසරේ මැයි 9 ලෙසයි.

එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ දිනය ගිය වසරේ ලෙසට සඳහන්ව තිබීම නිසා එය විවාදයට ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.

මේ හේතුවෙන් එම විශ්වාසභංග යෝජනාව නැවතත් අලුතින් සකස් කර භාරදීමට සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල මහතා සඳහන් කළේ එම ලේඛනයේ සඳහන්ව තිබෙන දිනයට වඩා භාරදුන් දිනය වැදගත් වන බැවින් එවැනි ගැටලුවක් ඇති නොවන බවයි.

එමෙන්ම කතානායකවරයා වෙත භාරදුන් ලේඛනයේ එම දිනය නිවැරදි කර බාරදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 64 ක් අත්සන් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ප‍්‍රසන්න රණතුංග සහ සනත් නිශාන්ත යන මන්ත‍්‍රීවරුන් විදේශ ගතව සිටීම හේතුවෙන් එයට සහාය දක්වමින් කතානායකවරයා වෙත ලිපි යොමු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More