දේශීය පුවත්

.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත්විමත් සමඟ වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධය අවසන් වුණි.

සාමයේ දසවර්ෂාභිෂේක සැමරුම් උළෙල හෙට (19) පැවැත්වීමට නියමිත වේ.

යුද්ධයේදී දිවිපිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ ඒ වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් සිහිපත් කරමින් මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය.

හෙට පස්වරු 03ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේ රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙනු ඇත.

ආරක්ෂක අමාත්‍යංශය, සියලු මහජනතාව වෙත දැනුම් දෙන්නේ ඒ අනුව හෙට (19) රාත්‍රී 7.00 ට ආගමික ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතන මෙන්ම සියලුම නිවෙස්වල සාමයේ පහනක් දල්වා ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ ජීවිත කැප කළ වීරෝධාර රණවිරුවන් ස්මරණය කරන ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More