දේශීය පුවත්

ප්‍රතිත‍්‍රස්ත පනතට තමා විරුද්ධය යැයි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. පසුගිය 21 වැනිදා සිදු වූ ගෝලීය ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් වත්මන් රජය මීට පෙර ගෙන ඒමට සූදානම් වූ ප‍්‍රතිත‍්‍රස්ත පනත නතර කොට, ඒ වෙනුවට තිස් වසරක LTTE ත‍්‍රස්තවාදය නිමා කිරීමට විශාල ශක්තියක් වූ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පෙර පැවති තත්ත්වයටත් වඩා ශක්තිමත් කරමින් ක‍්‍රියාත්මක කළ යුතු බවද ඔහු කීවේය.

සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අම්පාර දිස්ත‍්‍රික්කයේ, උහන, මහකණ්ඩිය ප‍්‍රදේශයේ ඉදිකළ ”දිගාවැව්පුර” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (17* දින සහභාගී වෙමිණි. ”සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 187 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

පසුගිය 21 වැනිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට පෙර රටේ පැවති සාමකාමී වාතාවරණය හේතුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැුකීමේ අරමුණින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවති දරදඬු ප‍්‍රතිපාදන ලිහිල් කර එය ප‍්‍රතිත‍්‍රස්ත පනතක් ලෙස ගෙන ඒමට රජය සූදානම් වූ බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

ප‍්‍රතිත‍්‍රස්ත පනත් වලින් රටේ ජාතික ආරක්ෂාව රැක ගැනීමට නොහැකි බවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ජාතික න්‍යාය පත‍්‍රයෙන් මඳක් පහළට ගෙනවිත් ජාතික ආරක්ෂාව ජාතික න්‍යාය පත‍්‍රයේ අංක එකට ගෙන ඒම යුගයේ අවශ්‍යතාවය බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ජාතික ආරක්ෂාව විනාශ කරමින් රකින්නට ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හෝ මානව අයිතිවාසිකමක් නොමැති බවත් සඳහන් කළේය.

21 වන දින සිදුකළ ගෝලීය ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව පාලනය කිරීමට ආරක්ෂක අංශවලට සහය ලැබුණේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවති ප‍්‍රතිපාදන නිසා බවත්, අද අපේ රට ගෝලීය ත‍්‍රස්තවාදයට මුහුණ දෙන හෙයින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත එලෙසම තබා ගනිමින් එයට තවදුරටත් දැඩි නීති ඇතුළත් කර ශක්තිමත් කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More