දේශීය පුවත්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) පූනාහි පිහිටි ෂරියා විශ්වවිද්‍යාලයේ රැස්වීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ආරක්ෂකයකු ඊට ඇතුළත්වීමට ඉඩනොදීම නිසා ප්‍රධාන දොරටුව අසළ පැය කිහිපයක් රැඳී සිටීමට ඔවුන්ට සිදුවිය.

මාධ්‍යවේදීන්ට ෂරියා විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට ආරක්ෂක අංශවලින් අවස්ථාව ලැබී තිබුණද, පෞද්ගලික ආරක්ෂකයාගේ මැදිහත්වීම හේතුවෙන් ඔවුන්ට පැය තුනක පමණ කාලයක් දොරටුව ඉදිරිපිට සිටීමට සිදුවිණි.

අනතුරුව පොළොන්නරුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ එම අවස්ථාවට පැමිණ ආරක්ෂක අංශවල අවසරය මත මාධ්‍යවේදීන් ෂරියා විශ්වවිද්‍යාලය තුළට රැගෙන යාමට කටයුතු කළහ.

එහි ගොඩනැගිලි නිරීක්ෂණය කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් එම්. තාහිර් මහතා විසින් මාධ්‍යවේදීන්ට අවස්ථාව සලසා දී තිබුණද, රැස්වීම වාර්තාකිරීමට ඔවුන්ට ආරාධනා ලැබුණද ඊට අවස්ථාව හිමිවී නොතිබුණි.

මෙම රැස්වීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලා, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ශාඛා කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, මඩකලපුව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යන මහත්වරුද, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීහු රැසක්ද එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More