දේශීය පුවත්

බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් 45 දෙනා  වෙසක් පොහොය දිනයේදී නිදහස් කරන ලෙස බලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති  බලපිටියේ ධම්මික හිමියෝ රාජ්‍ය වෙසක් උත්සවයෙදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තෙල්වත්ත තොටගමුව පුරාණ රත්පත් රජ මහා විහාරස්ථානයේදී අද (17) පැවැති රාජ්‍ය වෙසක් උත්සවයේදී බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සිය කතාව අවසන් කර සිටියදී ඇමැතිවරයාට ලිපියක් බාර දීම සඳහා යැයි කියමින් වේදිකාවට නැග උන්වහන්සේ එම ඉල්ලීම කළහ.

එහිදී උන්වහන්සේ මෙසේද කීය.

‘‘තෙරුවන් සරණයි ඇමැතිතුමා,අපිට අපේ ශාසනය වෙනුවෙන් ඉන්න ප්‍රධානම ඇමතිවරයා ඔබතුමා.මේ සිද්ධිය වෙලාවේදී අපි හැමෝම හාමුදුරුවරු බුදු හාමුදුරුවරුන්ගේ ධර්මයන් එක්ක තමයි ඉන්නේ.

මම බලපිටියේ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති හාමුදුරුවෝ.හිටපු විදුහල්පතිවරයෙක්,ප්‍රාදේශීය සභාවත් නියෝජනය කරනවා.මගේ ප්‍රදේශයේ බලපිටියේ මුස්ලිම් පවුල් 42 ක් ඉන්නවා.බොහොම සාමකාමීයි.

අද ඒ අය අපිට කියනවා 2010 වසරේදී ඥාණසාර ස්වාමීන් වහන්සේ මේ අන්තවාදය පෙන්වා දුන්න එක.ඔබ වහන්සේලා සමඟ අපට සමගියෙන් ඉන්න බැරි එක නැති කරලා තියෙන්නේ මේ අන්තවාදය නිසා.

ඒ නිසා ජනාධිපතිවරයා ඉන්න ශාලාවේදී බොහොම ගෞරවයෙන් ආදරයෙන් සිහිපත් කරනවා අපේ ඥාණසාර ස්වාමීන් වහන්සේව වෙසක් පොහොය දවසේ නිදහස ලබා දෙන්න.

ඒ වගේම රට වෙනුවෙන් කටයුතු කළ බුද්ධි අංශයේ නිලධාරීන් 45 දෙනාටත් නිදහස දෙන්න.මේ රට වෙනුවෙන් සංහිඳියාව වෙනුවෙන් ඒ ඇත්තන් කටයුතු කළේ.

ආරංචියේ හැටියට රැඳවියන් 673 දෙනෙකු නිදහස් කරනවා.එකේ මේ ඇත්තෝ නැහැ කියන කතාව තියෙනවා.

ෆයිල් එකක් මා ගාව තියෙනවා.ගරුතර සංඝරත්නය අත්සන් කරපු එකක් .ඒක මම ජනාධිපතිතුමාටයි ඇමැතිතුමාටයි දෙනවා.

බොහොම පිං සිද්ධ වෙයි.සංහිදියාවට කටයුතු කළ අපේ ස්වාමීන්වහන්සේට නිදහස දෙන්න.ඒ ගැන ප්‍රකාශයක් කරන ලෙසත් අපි මේ වෙලාවේ කියවා.

ඇමතිතුමනි ඔබතුමා අපේ ඇමැතිවරයා මේ රට සිංහල බෞද්ධ රටක් ද නැද්ද කියන එක අපට ප්‍රකාශයට පත් කරන්න.බොහොම ගෞරවයෙන් ඔබතුමාට ඒක සිහිපත් කරනවා.

මේ වෙලාවේ මංගල සමරවීර ඇමැතිවරයා ආවනම් මේ මහා සංඝරත්නය පිටව යන්නයි හිටියේ.

මහා සංඝරත්නය අත්සන් කරපු මේ ලේඛනය මම ජනාධිපතිවරයාට දෙනවා . අපේ ඥාණසාර ස්වාමීන් වහන්සේ සහ බුද්ධි අංශ නිලධාරීන් වෙසක් පොහොය දවසේ නිදහස් කරන්න කියලා.

බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා

ඔබවහන්සේ විහාරස්ථානයේ දහම් පාසල දියුණු කරන්න කියලා දුන්න ලිපියක් ෆයිල් එකේ තියෙන්නේ.මා ඒ ගැන කටයුතු කරන්නම්.ඊට එහා අපි කවුරුත් අපේ යුතුකම් කරනවා යැයි පවසමින් ඇමැතිවරයා වේදිකාවෙන් බැස ගියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More