දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙන්න චීන හා ඉන්දියානු ව්‍යාපෘතිවල ආරක්ෂාව සලසා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස ඒ ඒ රටවල නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

ෂැංග්‍රිල්ලා හෝටලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියෙන් පසු චීනය මෙම ඉල්ලීම කර ඇත.

වරාය නගරය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් චීනය සම්බන්ධ කරගෙන පවත්වාගෙන යන නිසා ඒවායේ ආරක්ෂාව තමන්ටම සලසා ගැනීමට චීනය අවස්තාව ඉල්ලා ඇත.

මේ අතර ඉන්දියානු තෙල් සමාගම ඇතුළු ඉන්දියාවට සම්බන්ධ ව්‍යාපෘති හා ආයතනවල වල ආරක්ෂාව පිළිබඳ වගකීම තම රටට භාරදෙන ලෙස ඉන්දීය රජය ලංකා රජයෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් මෙරට ආරක්ෂක අංශයේ දක්ෂතා දක්වන හෝ දක්වා ඇති පළපුරුදු ආරක්ෂක අංශයේ දෙදෙනෙක් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

Lankadeepa



One thought on “තම ආයතනවල ආරක්ෂාව සලසා ගන්න චීන – ඉන්දියානු සමාගම් අවසර ඉල්ලයි”

  1. “….ඒවායේ ආරක්ෂාව තමන්ටම සලසා ගැනීමට චීනය අවස්තාව ඉල්ලා ඇත…….”
    “…මේ අතර ඉන්දියානු තෙල් සමාගම ඇතුළු ඉන්දියාවට සම්බන්ධ ව්‍යාපෘති හා ආයතනවල වල ආරක්ෂාව පිළිබඳ වගකීම තම රටට භාරදෙන ලෙස ඉන්දීය රජය ලංකා රජයෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ….”

    මේ නම් එන්නේ හොද වැඩකට නෙමෙයි. මේවට එකග වෙන්න ඉඩ දෙන්න එපා.
    චීන, ඉන්දියානු, ඇමරිකන් හමුදා වලට අපේ රට දඩබිමක් වෙලා ඉන්පසු අපේ රටේ ඒ අයගේ යුද්දේ ආරම්බ කරයි. දෙවන ලෝක යුද්දෙදිත් මුලින්ම ජර්මානු සහ මිත්‍ර හමුදා අතර යුද්දය ඇරබුනේ උතුරු අප්‍රිකාවේ කාන්තාර වල. ඉන් පසුව තමයි ටිකෙන් ටික තම තමන්ගේ රටවල් වෙනකම් යුද්දය ඇවිලුනේ. පුළුවන් තරම් තමන්ගේ රටවල් බේරගෙන යුද්ද කරන්න මේ අය පළමුව බලනවා. සිරියාවේ වෙන්නෙත් මේ වගේ දෙයක්. ඇමරිකානු සහ සිරියාවේ රජයට පක්ෂ රුසියන් හමුදා සිරියානු කාන්තාරයේ සටන් මෙහෙයවනවා. කාන්තාරය අසල වූ ජනගහනය සහිත සිරියානු නගරත් මේ යුද්දයෙන් වැනසිලා.
    දැන් ඇමරිකාවේ යාළුවෙක් වෙලා ඉන්න මෝදිගේ ඉන්දියාව චීනයත් එක්ක තියන වෙළද යුද්දයට අපේ රට කෙන්ද්‍රරයක් විදියට තෝර ගෙන ඒ සදහා අවුරුදු ගණනාවක සිට ක්‍රියාත්මක වෙනවා. 2015න් පස්සේ අවශ්‍ය ඔක්කොම වගේ වැඩ කර ගත්තා ඉඩම් අයිතිය හැර. ජනාධිපතිට මේ කාරණා ගැන කියා දෙන්න තරම් දැනුවත් උපදේශකයෝ එයාට ඉන්නවද? නැතිනම් එයත් මේකේ passive ඉත්තෙක්ද? එහෙම නම් ලංකාව ඉතුරු වෙන එකක් නෑ. විශේෂයෙන් චීනගේ බඩකඩුත්තු වරායට ගැහුවොත් හම්බන්තොට බිමට සමතලා වේවි. මොකද ඇමරිකානු හමුදා වල ඉලක්ක ගැනීම් අපේ හමුදාවෙ වගේ target එකටම නැතිවග අපට ඉරාක, සිරියානු යුද්ද වලදී දකින්න ලැබුණා. සමහර ඇමරිකානු සොල්දාදුවන් යුද්දෙට බැදෙන්නෙම ලේ පිපාසෙන් බවත් සමහර හෙළිවුණ කථා අනුව පේනවා. ඒ නැතත් අපි වගේ සුදු පාට නොවන “කළු වදුරන්ගේ” ජීවිත ඒ අයට එච්චර වටින්නේ නෑ. එක සුදු ජාතිකයෙක් මැරුණම බෙරිහන් දෙන බටහිර පත්තර අනිකුන් දස දහස් ගණන් මැරුණත් හ්ම් කියන්නේ නැත්තේ ඒකයි.

    මේ බඩකඩුත්තු වරාය ආයෙත් සදහටම ලංකාවට පවරාගෙන neutral විදියට operate කරන්නත් ඒ වෙනුවට ඉන්දියානු සාගර සාම කලාපයකට චීන, ඇමරිකානු, ඉන්දියන් අයට බල කරන ලෝක මතයක් ගොඩනගන්නත් අපට බැරිද? (ඇත්තටම නම් මේ මුහුදේ බලය තියෙන්න ඕන අපේ අතේ. පරණ සිතියම් වල තියෙන්නේ “ලකේ දිව මුහුද” කියල. මේ මුහුදට යටවෙලා තියෙන්නේ රාවණ රජුගේ / කැළණි තිස්ස රජුගේ කාලයේ යටවුන අපේ තිබූන අති විශාල භුමිය ).
    බටහිර ප්‍රවුර්තී කිසිවක් මේ තත්වය වාර්තා කරන්නේ නෑ. ඒ අයත් යුද්දෙකට කැමති ඇති පත්තර ප්‍රවුර්තී විකුණා ගන්න. ඒත් බටහිර නුතන තරුණ සමාජය පරිසරය ගැන, අවිහිංසාව ගැන ඉතා උනන්දුයි. පාස්කු ප්‍රහාරය කාලයේ අපට ලැබුණ අනුකම්පාව විශාලයි. මේ ප්‍රවනතාව පාවිච්චි කරලා ලංකාවේ මේ කරන්න යන යුද්දයට සහ ලංකාවේ භෞමික අකණ්ඩතාවට ඇති තර්ජන ගැන විරුද්දව සමාජ ජාලා හරහා මේ ලෝක මතය ගොඩනගන්න පුළුවන් නම් මේ විනාසය ටිකක් හරි නවත්ත ගන්න පුළුවන් වෙයි.

    “…කොටි ඩයස්පෝරාව ඇතුළු විදේශ රාජ්‍ය නොවන සංවිධාන 10ක් ආර් 2 පී ප්‍රතිපත්තිය ටතේ සාම හමුදාවක් ශ්‍රී ලංකාවට වහාම යවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත….”
    “…මෙරට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ද ශ්‍රී ලංකාවේ අරාජික තත්වයක් පවතින බවට යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ මාධ්‍ය වාර්තා යවා ඇත….”

    ඔය පනින්නේ බළල්ලු ටික සේරම එළියට. මේ NGO සංවිදාන වල ඉන්න දේශ ද්‍රෝහියො කවුද?

    “…..මීට අමතරව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් මෙරට ආරක්ෂක අංශයේ දක්ෂතා දක්වන හෝ දක්වා ඇති පළපුරුදු ආරක්ෂක අංශයේ දෙදෙනෙක් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ……”

    ඔය හදන්නෙ අපේ බුද්දි අංශ ඇතුලට රිංගල ඒවා අඩාල කරන්න, නොමග යවන්න පොටක් පාද ගන්න. අපේ හමුදාවෙත් ඇමරිකන් stooges ල වෙන්න කැමති අයත් ඉන්න පුළුවන්. මේකට නම් ඉඩ දෙන්නම එපා. අපට උදව් කරන්න කියල ආපු අයට දැන් අපේ උදව් මොකටද? ඇමරිකානූ ජාතිකයින්ට රටින් පිටවෙන්න කිව්වේ දැන් ගොඩ දවසකට කලින්. දැන් මේ අයට බලකරන්න ඕන ඒ අයගේ ඔත්තු කාරයොත් රටින් පිටකරගෙන අපේ වැඩ අපිට කරගන්න දෙන්න කියල. 2016 දෙසැම්බර් වල කොලබ ඇමරිකානු එම්බසිය, අවට තිබු ඉඩමක්ද මිලට ගෙන අක්කර 5.4 භුමි බාගයක් තුල පැතිර යනලෙස එය පුළුල් කලා (The new 5.7-acre complex will include a Chancery, Marine Security Guard Residence, support buildings, and facilities for the Embassy community). මේ සියල්ල කලේ මොකටද කියා දැන් සක් සුදක් සේ පැහැදිලියි.

    ඒවගේම,නැගෙනහිර පළාතේ (Nintavur and Soodaikkudah) රුපියල් මිලියන 140 වියදම් කරලා ඇමරිකානු ඉන්දු-ශාන්තිකර බලඇණිය මගින් ඉදිකල දමිල සහ මුස්ලිම් ඉස්කෝල දෙක 2019 පෙබරවාරි වල හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාත් සහබාගි වී විවුර්ත කලා. නැගෙනහිර මුහුදට ඔබ්බෙන් ඉන්දු-ශාන්තිකර බලඇණිය ස්ථානගත කර ඇති හෙයින් නැගෙනහිර පළාතේ වැසියන්ගේ හිත් දිනා ගැනීමට මේවා කලා කියා හොදටම පේනවා. උතුරේ යුද්දය අවසන් වෙලත් ඒ පැත්තට මේ වගේ ඉස්කෝල හදලා දුන්නද කියා දැනගන්න කැමතියි. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා කොයි වගේ කෙනෙක්ද කියා දැන් අපි දන්නවා. ඔහුගේ ඇමරිකානු සබදකම්ද ඇති බව මෙයින් පේනවා.

    මුස්ලිම් අන්තවාදීන්ගේ ගුබ්බෑයම් වල හදුනාගත නොහැකි අවි, ගුවන් යානා නාශක අවි, නාවික හමුදාවටවත් නොමැති දිය යටින් යන යාත්‍රා , වැඩි දියුණු කල පුපුරණ ද්‍රව්‍ය සවිකළ හැකි ඩ්‍රෝන (drone) , රෑට පෙනෙන (ඇස් ආවරණ ?) හමුවුණ බව හෙළිවුණා. ගොඩබිම සටන් කල අයිසිස් ත්‍රස්තයන්ට මුහුදු යාත්‍රා තිබෙන්න හේතුවක් තියනවද? එක්තරා පත්‍රයක (පත්‍රය කුමක්දැයි මතක නෑ ) “පොල් අකුරෙන්” වැරදි චිත්‍රයක් මවා තිබුණා “අයිසිස් ත්‍රස්තයන් පාව්ච්චි කරණ” පුපුරණ ද්‍රව්‍ය සවිකළ හැකි ඩ්‍රෝන හමුවුනා කියල. මේවා සිරියානු යුද්දෙදි ඇමරිකන් හමුදා පාවිච්චි කරනවා. රුසියානු හමුදාත් පාවිච්චි කරනවා ඇති. ලෝකයේ දියුණුම අවි සාදන ඇමරිකාවට නැති අවි අයිසිස් ත්‍රස්තයන්ට පමණක් තිබෙන බවට කීම විහිළුවක්. මේ තියෙන්නේ එවැනි අයිසිස් convoy එකකට එල්ලවූ ඇමරිකන් යුද යානා සහ ඩ්‍රෝන ප්‍රහාරයක් ගැන වාර්තාවකින් උපුටා ගත කොටසක්. ( As the Islamic State repeatedly sent rescuers down the single highway leading to the convoy, American warplanes and armed drones picked them off “with ease,” he said. Night vision technology made even midnight bathroom breaks perilous.)
    අර ජයික් හිල්ටන් සිද්දියේදි හමුදාවේ උඩින් ආපු නියෝගයක් උඩ අපට ඒ පුපුරණ ද්‍රව්‍ය ගෑවී තිබු උපකරණය කුමක්ද කියාවත් සොයාගන්න බැරි උනා. ඒකේ පින්තුරයක් වත් ගන්න දෙන්න නැතුව ඇති. මේ දක්වා සොයගත්ත සියලුම අවි ආයුද රටතුලට ගෙනාවේ කොහොමද? මෙතෙක් හමු නොවූ මෙවැනි අවි තව කොච්චර නම් ඇද්ද? වරායෙන් පිට කරන ඇමරිකන් හමුදා කන්ටේනර් අපට පරීක්ෂා කරන්න බැරිවෙන්න කලින්ම නීති හදා ගත්තේ ඇයි???? නැගෙනහිර බුද්දි අංශ කලින්ම කඩා බිද දැම්මේ ඇයි????

    දෙයියන්ගේ නාමෙට දැන්වත් රෝසිගේ, මංගලගේ වැඩකට නැති කථා වලට රූපවාහිනිය, පත්තර පිටු වියදම් කරන එක අතහරින්න. මේ අය ඉෂ්ට කරන්නේ ඒ අයට දීල තියන න්‍යාය පත්‍රයේ කොටසක්. ඒත් මේ මොළේ ගිනිඅරගෙන ඉන්න වෙලාවේ මේ අයත් වැදගත් නෑ. ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් සහ ඉන්දියාව අපේ රට ලේ විලක් කර යටත් කර ගැනීමට දියත් කර තිබෙන කුමන්ත්‍රණයට වඩා මේවට තැන දෙන හාමුදුරුවන්ගේ ඔළුගෙඩි ඇතුළෙ තියෙන්නේ අලි ගිලපු දිවුල්ද? රටට මේ වෙන්න යන වින්නැහිය පේන්නේ නැද්ද?
    වහ වහාම මේ සියලුම කාරණා ගැන මහජනයා දැනුවත් කර මේ ගැන විරෝධය පෑ යුතුයි. මේ වෙලාවේ වත් මේ කුමන්ත්‍රණ ගැන නොකියන, වැරදි පුවත් වාර්තා කරන රූපවාහිනී චැනල සහ පත්තරත් දේශ ද්‍රෝහී, අන්තිම ජරා හෝ කොන්ද පණ නැති ලොක්කන්ගේ “කුණු වළවල්” කියා නම් නොකිය සිටිය නොහැකියි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More