දේශීය පුවත්

යාපනය ‍නල්ලූර් කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් අද(17) කෝවිල අවට ප්‍රදේශය වෙත දැඩි ආරක්ෂාවක් යෙදවූ බව යාපනය ආරක්ෂක අංශ කියයි.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදාගෙන කෝවිල අවට ආරක්ෂාව තරකර විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළ බව ආරක්ෂක අංශ පැවසීය.

යාපනය නල්ලූර් කෝවිලේ පූජාවන් වෙනුවෙන් සිකුරාදා දිනයේ විශාල පිරිසක් පැමිණෙන බැවින් අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවද ආරක්ෂක අංශ කීය.

නිර්නාමික ලිපිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර කෝවිල ප්‍රදේශයේ ආරක්ෂාව තරකරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පොලිසිය හා යුද හමුදාව වෙත උපදෙස් ලබාදී ඇති බව එහි නිලධාරීහු පැවසූහ.

ආරක්ෂක තත්වය හේතුවෙන් යාපනය පේදුරුතුඩුව මාර්ගය කෝවිල සීමාවෙන් වසා දමා ඇති බවද ආරක්ෂක අංශ පවසයි.

ලැබී තිබූ නිර්නාමික ලිපිය සම්බන්ධයෙන්  යාපනය පොලිසිය විමර්ශන පවත්වයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More