දේශීය පුවත්

කොටි ඩයස්පෝරාව ඇතුළු විදේශ රාජ්‍ය නොවන සංවිධාන 10ක් ආර් 2 පී ප්‍රතිපත්තිය ටතේ සාම හමුදාවක් ශ්‍රී ලංකාවට වහාම යවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත.

මෙයට හේතුවී ඇත්තේ බීබීසී සේවය ඇතුළු බ්‍රිතාන්‍යයේ  ප්‍රබල මාධ්‍ය තුනක් ශ්‍රී ලංකාවේ දැන් පවතින තත්ත්වයට බෞද්ධයන් වග යුතු බව කියා සිටීමයි.
මෙම ආර් 2 පී සංකල්පය ගැන සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් දෙදෙනකු වූ කඩ ඇඩමා ඩියන් සහ කාරන් යයන් ද ශ්‍රී ලංකා රජයට ලිපියක් එවා තිබේ. රටක ජනතාව රැකීමට රජය අපොහොසත් නම් මෙම ආර් 2 පී සංකල්පය යටතේ සාම හමුදාවක් මෙරටට එවීමට එක්සත් ජාතීන්ට හැකි වේ.

මෙයට පෙර වන්නි මෙහෙයුම් සමයේ කොළඹ වාර්ගිකඅධ්‍යාපන ආයතනයේ ප්‍රධානී රාධා මානි මෙරටට සාම හමුදාවක් එවන ලෙස කළ ඉල්ලීම රජයට වාර්තා වීම නිසා ඇයට මෙරටින් පිටුවහල් කරන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා නියෝග කර තිබුණි.

මෙරට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ද ශ්‍රී ලංකාවේ අරාජික තත්වයක් පවතින බවට යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ මාධ්‍ය වාර්තා යවා ඇත.

ඉරිදා දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More