දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රස්තවාදය පරාජය කරනවා කිව්වට වැඩක් නැති බවත් ජනාධිපතිවරයා කියනදේ නොකරන ජනාධිපතිවරයෙක් බවත් ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේ සදහන් කරයි. ජාතික හිමිකම් සංවිධානය විසින් ඊයේ(16) කැළණිය විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ.

එමෙන්ම අග්‍රාමාත්‍යතුමන් සදහන් කරන ආකාරයට මෙම ත්‍රස්ථවාදීන්හට දඩුවම් ලබා දීමට ප්‍රති ත්‍රස්ත පනතක් ගෙන ඒමට අවශ්‍ය නොවන බවත් මේ වන විට තිබෙන ත්‍රස්ත පනත දඩුවම් ලබාදීමට හොදටම ප්‍රමාණවත් බව ද උන්වහන්සේ සදහන් කළහ.

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ ස්වාමීන්වහන්සේ

රිෂාඩ් බදුර්දීන් හිස්බුල්ලා අසාද්සාලි රහුමාන් යන අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් බරපතල ලෙස අන්තවාදී ත්‍රස්තවාදයට උපදෙස්දෙන හා නායකත්වය දෙන හෝ සහයෝගය දක්වන පිරිසක් බව දැන් රටම පිලින්නවා. ඒ අයට විරුද්ධව කිසි දෙයක් කරනනේ නැහැ. මේ වෙලාවේ රිෂාඩ් බදුර්දීන්ට එරහිව විශ්වාසභංග යෝජනාවක් ‍ගෙනවිත් තිබෙනවා. බැරිවෙලාවත් එම විශ්වාසභංග යෝජනාව බදුර්දීන් ජයග්‍රහණය කලහොත් බදුර්දීන් තවත් උඩට යනවා.
එහෙම නොවෙයි මේ අය ගැන වෙනම පරීක්ෂනයක් පවත්වනන්න ඕන. පවත්වල ඒ අයට විරුද්ධව නීතිමය කටයුතු කරන්න ඕන.
ජනාධිපති අසාද්සාලිටයි හිස්බුල්ලාටයි ආණ්ඩුකාරකම් ලබාදීම බරපතල වරදක්. මේ දෙන්නම අන්තවාදයට එදා ඉදලම සහය දක්වනවා . ඒවගේ අන්තවාදීන්ට ආණ්ඩුකාරකම් ලාබදුන්හම මොනවද වෙන්නෙ.ඒ නිසා ජනාධිපති මම බය නැහැ කියලා කයිවාරු ගැහුවට වැඩක් නැහැ මේ වගේ පසුබිමක් හැදුවට මේ වගේ තත්වයකට රට ඇද දැමුවට ජනාධිපතිවරයා වගකියන්න ඕන.

 

මෙම මාධය හමුවේදී අදහස් දැක්වූ ජාතික හිමිකම් සංවිධානයේ නීති ලේකම් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා –

ඇමරිකාවේ ආරක්ෂක සහ දේශපාලන උවමනාවන් තමන් වෙත පැවරිලා තියෙන වගකීමක් ලෙස අද අග්‍රා‍මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේ දොන් ජුවාන් ධර්මපාල ලෙස ඉටුකරමින් සිටින බව සදහන් කලේය.
අපි හිතාගෙන හිටියෙ පොලිසියේ සිටින්නේ එක ජෝකර් කෙනෙක් විතරයි කියල බලන කොට තව රොත්තක් ඉන්නවා. අද වන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ලංකාවම බය කිරමින් සිටිනවා. විවිධ සිද්ධීන් සදහා අත්අඩංගුවට ගන්නා පුද්ගයින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඒසේ එම පනත මගින් අධිකරණය ඉදිපත් කල විට ඇප ලබාදිය හැක්කේ මහාධිකරණයෙන් පමනක් බව සදහන් කරමින් මෙලෙස ජනතාව බිය වද්දමින් සිටි. අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමන්ගෙන් හා පොලිස්පති තුමාගෙන් අහනව දැන්ද මේ පනත මතක් උනේ කියල.

අද අමිත්, ඩෑන් සහ විවිද චෝදනා මත කිසිදු සාක්ෂියක් නොමැතිව තරුණ පිරිස් මෙම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද පනත හරහා අධිකරණයට ඉදිරිපත් කරන කොට අන්තවාදී ත්‍රස්ථවාදය සදහා උදව් කල සහයෝගය දැක්වීම නිසා අත්අඩංගුවට ගත් පිරිස් ඇයි මේ පනත හරහා ඉදිරිපත් කරන්නේ නැත්තෙ. මරාගෙන මැරුණ සහරානේගෙ ඥාතීන් වෙනුවෙන් මෙම පනත ක්‍රියත්මක නොවන්නෙ ඇයි. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරනවා කියා තෝරාගත් සිංහල මිනිස්සු ‍කොටසකට පමණක් නීතිය ක්‍රියාත්මක කරන්න එපා . එහෙම උනොත් වෙන්නෙ සිංහල බෞද්ධ ජනයා මීට වඩා දරුණු ප්‍රතිචාරයක් දක්වයි කියල මතක් කරන්න ඕන.

එම මාධ්‍ය හමුවට එක්වූ ජාතික හිමිකම් සංවිධානයේ ජාතික සංවිධායක කථිකාචාර්ය නෙම්සිරි ජයතිකල මහතා –

හිස්බුල්ලා විසින් ඉදිකරන ලද ශරියා විශ්වවිද්‍යාලයේ තමයි මේ අසියාවේ අන්තවාදී තරුණයින් බිහිකරන ආයතනය වන්නේ. අද වන විට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේ ඇති වූ ගැටුම් වලින් හානියට පත්වූ ප්‍රදේශ ඡායාරූප හා වීඩියෝගත කරමින් ජාත්‍යාන්තරයට යවලා හමුදාව බලා සිටියේදී මුස්ලිම් ජනයාට ප්‍රහාර එල්ලකරන බවට චෝදනා කරමින් අපේ යුධ හමුදාවට අපහාස කරමින් සිටිනවා. ඒ නිසා මේ අන්තවාදයට උඩගෙඩි දෙන බදුර්දීන් / අසාද් සාලි / මුජුබුර් රහුමාන් / හලීම් වැනි දේශපාලකයන් වහාම දේශපාලනයෙන් ඉවත් කරන්න ඕන . එහෙම නැතුව මේ ප්‍රශ්ණය ඉවර කරන්න බැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More