ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංගයට සහය දීම හෝ නොදීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.
පක්‍ෂයක් ලෙස දීර්ඝ වශයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ජාතික ඔහු සඳහන් කළ අතර විශ්වාසභංගය ගෙන එන ඒකාබද්ධ විපක්‍ෂය තුළත් ඒ සම්බන්ධයෙන් මත දෙකක් ඇති බව පෙනීයන බව දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...