දේශීය පුවත්

අසමගිතාවය වර්ධනය කරන, විහිළු සපයන ප්‍රකාශ කිරීම නවත්තලා, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, අද (16) අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබන, පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන්ගේ සුවදුක් විමසීමට කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණි අවස්ථාවේධීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පැවසීය.

” මේ වගේ ගැටුම්කාරී අවස්ථාවක රටක් තුළ ඉතාමත් ලෙහෙසියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුළුවන්. ඒ ස්වරූපය තමයි දැන් අපට ලංකාව තුළ පේන්න තියෙන්නේ.

ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීලා ඒක ඉදිරියට ගෙන යන ස්වරූපයක් තමයි දැන් තියෙන්නේ. නායකයෝ වශයෙන් අපේ එකම අරමුණ වියයුත්තේ, මේ ඇතිවී තිබෙන යම් යම් ආකාරයේ ගැටුම්, සිත්තැවුල් ආදිය සමනය කර, ජනතාව සාමකාමී තත්ත්වයකට පත්කිරීමයි.

මේ සම්බන්ධයෙන් අප කළයුතු එකම දේ තමයි ජාතියක් වශයෙන් එකට නැගී සිටීම. ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කිරීමටනම් අප කළයුතු වන්නේ එක්සත්ව වැඩකිරීමයි.

එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම තමයි අවශ්‍ය වන්නේ. අසමගිතාවය වර්ධනය කරන, විහිළු සපයන ප්‍රකාශ කිරීම නවත්තලා, ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතුයි “



2 thoughts on “ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගෙන කටයුතු කළ යුතුයි – රවීගෙන් මංගලට ටොක්කක්”

  1. ලංකාව සිංහල බෞද්ධ රටක් වෙන්නේ මංගලගේ හෝ වෙනත් අයකුගේ එසේ කීම/නොකීම අනුවද? මහනායක හිමිවරු මේ ගොන් ප්‍රකාශයට අන්තවාදයටත් වැඩිය කෝප වෙලා!
    සැබෑ බුදු දහම මතුවී තිබියදී එය තම ජීවිතයට ගලපා නොගන්නා අයට බුද්දාගම රකින්න හැමදාම හමුදාවල් ඕන වේවි. මෙච්චර අන්තරායදායක කඩඉම් අවස්ථාවකට ලංකාව මුහුණදීලා තියෙද්දී හැමෝම ඒක අමතක කරලා ගොන් කතාවකට වාද කරනවා!

    බෞද්ධ රටක් වෙන්න රටක් තියෙන්න ඕනෑ කියල කව්රුත් හිතන්නේ නැද්ද?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More