දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඇමෙරිකාව සමග  SOFA (A status of forces agreement) නම් දේශද්‍රෝහී ගිවිසුම අත්සන් කර ඇති බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

අද(16) ජාතික සමතා බලවේගය කොළඹදී කැදවාතිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එම ගිවිසුමට අනුව ත්‍රස්තවාදයට එරෙහිව අමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට රජය විසින් ඉඩ ලබා දීම හේතුවෙන්  ශ්‍රී ලංකාව අමෙරිකානු විසා සහන වැඩසටහනටද  ඇතුළු කර ගෙන ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවත් විසා සහන වැඩසටහනට ඇතුළත් කළ බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇති බව සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි.

මෙම විසා සහන වැඩ සටහන යටතේ ශ්‍රී ලංකිකයෙකුට දින 180ක විසා සහනයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදීමට පියවර ගෙන ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩදුරටත් පැවසීය.

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට ඇමෙරිකානු හමුදාවන්ට අවසර හිමි වන අතර, ඉන්පසුව ඔවුන් රැගෙන එන භාණ්ඩ පරීක්ෂා කිරීමට පවා ශ්‍රී ලංකා රේගුවට බලයක් හිමි  නොවන බවද වීරසේකර මහතා අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාව පිහිටීම අතින් සහ ස්වභාවික සම්පත් අතින් මුලු ලෝකයේම අවදානය දිනා ගත් රටක් වන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බොහෝ කාලයක සිට උත්සාහ කරමින් සිටින බවද ඔහු සදහන්කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවට ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම , අනුරාධා යහම්පත් ඇතුළු ජාතික සමතා බලවේගයේ නියමුවන් සහභාගී වී සිටියහ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ප්‍රකාශය මූලාශ්‍ර



3 thoughts on “අමෙරිකාව වීසා සහන වැඩසටහනට ලංකාව ඇතුළු කළේ ඇයි? කෙස් කෙලින් වෙන හෙළිදරව්ව මෙන්න( Video)”

  1. තවම නම් “ඇම්බසි” වෙබ් අඩවියේ මේ update එක නෑ.
    Currently, 37 countries participate in the VWP: Andorra, Australia, Austria, Belgium, Brunei, Czech Republic, Denmark, Estonia, Finland, France, Germany, Greece, Hungary, Iceland, Ireland, Italy, Japan, Latvia, Liechtenstein, Lithuania, Luxembourg, Malta, Monaco, the Netherlands, New Zealand, Norway, Portugal, San Marino, Singapore, Slovenia, Slovakia, South Korea, Spain, Sweden, Switzerland, Taiwan and the United Kingdom*.
    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙබ් අඩවියේ කවුරු හරි චෙක් කලාද? දැක්ක කෙනා ඒකෙ
    screen shot එකක් ගත්තද?
    නැත්නම් අර හවුල් ආණ්ඩුවකට (රතන හිමි? හරි විපක්ෂයේ කවුරු හරි-මට මතක නෑ ) කැමතියි කියා ලංකාදීප වෙබ් අඩවියේ තිබුණා කියන තිබී/නොතිබි ගිය බොරුව වගේ වෙන්න පුළුවන් වීරසේකර මහතාව අපහසුවට පත් කරන්න.
    බෞද්ධ රටක් වෙන්න රටක් තියෙන්න ඕනෑ කියල කව්රුත් හිතන්නේ නැද්ද?

  2. මේ වීසා කතාව බොරු නම් එය වීරසේකර මහතා රවට්ටන්න කරපු ෆිශින් (Phishing attack) හරහා fake news දාන වැඩක් වෙන්න පුළුවන්.

  3. This is a false news American Embassy in Sri Lanka has confirmed it.
    Please see BBC news on facebook Azzam Ameen
    මෙය බොරු ප්‍රවෘත්තියක් බව ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකන් තානාපති කාර්යාලය තහවුරු කර සිටිය. බිබිසි ප්‍රවෘත්ති සෙවය බලන්න.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More