පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් භාවිත කළ ආරක්ෂක නිවාස 17ක් හා පුහුණු කඳවුරු 7ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.
ඊයේ (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.
සොයාගත් නිවාස 17 කටුවපිටිය මීගමුව,සරික්කමුල්ල පානදුර, ශාන්ත අන්තෝනි පාර කෙළඹ 03, ටෙම්පල්ස් පාර ගල්කිස්ස, එඩේරමුල්ල වත්තල, වනාතවිල්ලුව. සයින්දමර්දු 9, මල්වාන, තිහාරිය, කොච්චිකඩේ දලුවකොටුව, කුලියාපිටිය, හෙට්ටිපොළ, කටුපොත, නින්දවුර්, වාලච්චේන, සමන්තුරේ, මයුර පෙදෙස කොළඹ 6 යන ස්ථානවලින් සොයාගෙන තිබේ.
පුහුණුකඳවරු වනාතවිල්ලුව, හම්බන්තොට, නුවරඑළිය, නුවර අරුත්පොළ, මල්වාන, වාලච්චේන, කන්තන්කුඩි යන ප්‍රදේශවලින් සොයාගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...