දේශීය පුවත්

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා සහ ෂැංගි‍්‍රලා හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරුවකු වූ මොහොමඩ් සහරාන් හසීම් නැමැත්තාගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

ඔවුන්ගේ සිව් හැවිරිදි දියණිය ද බාරකරුවකු නොමැතිකමින් මව බාරයේ සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

කාත්කත්කුඩි සයින්දමරුදු ප‍්‍රදේශයේ නිවසක් තුළ, ඉකුත් (26) දින සහරාන්ගේ පියා ඇතුළු අන්තවාදීන් පිරිසක් බෝම්බ පුපුරවාගෙන මියයාමෙන් පසු ඇය සහ දියණිය බරපතල තුවාල ලබා සිටියදී පසුදා යුද හමුදාව විසින් බේරාගෙන අම්පාර මුලික රෝහලට ඇතුළත් කෙරිණි.

අම්පාර රෝහලින් ප්‍රතිකාර ලැබූ ඇය මීට දින කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහල වෙත මාරුකර එහි ප‍්‍රතිකාර ලබමින් සිටියදී අබ්දුල් කාදර් ෆාතිමා කාදියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින ඇය අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More