පසුගිය දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් සිදුවීම රටම කම්පා කිරීමට සමත් වුණි. මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අදහස් දක්වන ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගැටුම් වලට සහභාගී වූ සියලූම දෙනා සිය ප්‍රදේශයේ ජනතාව නොවන බවත් පිටින් පැමිණි පිරිසක් විසින් සිය විරෝධය නොතකා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළ බවය.
කෙසේ වෙතත් සිදුවීම පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් මේ වනවිට කතාබහට ලක්ව තිබේ.
එහිදි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මිනුවන්ගොඩ සිදුවීම ආණ්ඩුවේම ක්‍රියාවක් ලෙසින් හැඟවෙන සටහනක් මෙලෙසට පළ කර තිබුණි. එම සටහනේ දැක්වුනේ මිනුවන්ගොඩ සිදුවීම ආණ්ඩුවේම කොන්ත්‍රාත්තුවක් වන බවයි.
කෙසේ වෙතත් ප්‍රථමයෙන් කිසිඳු පූර්විකාවක් නොමැතිව එම සටහන පළ කර තිබූ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුව එයට “පොහොට්ටුවේ මැර දේශපාලකයන්” ලෙසට පූර්විකාවක් එක් කිරීමට කටයුතු කර තිබුණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පළ කර තිබූ සටහන
එම සටහන පසුව පූර්විකාවක් සමග පළ කර තිබූ අයුරු,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...