දේශීය පුවත්

ඕනෑම හදිසි අවස්තාවක ශ්‍රී ලංකාවේදි ඇමෙරිකානු හමුදාවන් ස්ථාන ගත කළ හැකි SOFA ගිවිසුමක් (A status of forces agreement) ශ්‍රී ලංකාවේ රජය ඇමෙරිකාව සමග අත්සන් කිරීමට සුදානම් වන බවට වාර්තා පළවෙමින් තිබේ.

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට ඇමෙරිකානු හමුදාවන්ට අවසර හිමි වන අතර, ඉන්පසුව ඔවුන් රැගෙන එන භාණ්ඩ පරීක්ෂා කිරීමට පවා ශ්‍රී ලංකා රේගුවට බලයක් හිමි වන්නේ නැත. තවද මෙම ගිවිසුමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයට විශේෂ බදු සහන පවා ශ්‍රී ලංකාවෙන් හිමිවීම විශේෂය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමට තමන් විරුද්ධ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. ඒ පිළිබඳව අදහස් දක්වන යුද හමුදාපතිවරයා පවසන්නේ එවැනි ගිවිසුමකට එකඟ වීම සියදිවි නසාගැනීමකට සමාන බවයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන යුද හමුදාපතිවරයා,

“කොහොමද අපි මේ වගේ ගිවිසුමක් අත්සන් කරන්නේ ? එම ගිවිසුමේ කරුණු වලට අපට එකග විය නොහැකියි. ඒක හරියට අපගේ දේපළ සියල්ල වෙන කාටහරි ලියා දී සිය දිවි නසා ගැනීම වගේ වැඩක්” යනුවෙනි.

ශ්‍රී ලංකාව පිහිටීම අතින් සහ ස්වභාවික සම්පත් අතින් මුලු ලෝකයේම අවදානය දිනා ගත් රටක් වන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බොහෝ කාලයක සිට උත්සාහ කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළි සදහාද ඇමෙරිකාව සිය ඔත්තු සේවා මගින් සෘජුවම දායක වන අතර පසුගිය ශ්‍රී ලංකාවේ මැතිවරණ සදහා ඇමෙරිකාව මුදල් වැය කළ බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පිළිගැනීම විශේෂත්වයකි.

Neth gossip



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More