ව්‍යාපාරික පුවත්

මේ වන විට රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ සිදුවන්නේ දිනෙන් දින රටේ ආර්ථික තත්ත්වය යළි නැගිටින දවස ප්‍රමාද වීම බවත්, මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු සමස්ත ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වන්නේ, රටේ ජනතාව හැසිරෙන ආකාරය අනුව බවත් වැලිබල් වන් සමූහයේ සභාපති, මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. අද දෙරණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික පෙරේරා මහතා,

“මේ විනාශ වෙමින් පවතින්නේ රටේ ආර්ථිකය. බිලියන 14,400 ක් තමයි අවුරුද්දක සම්පූර්ණ ආර්ථිකය. ඒ කියන්නේ දවසකට බිලියන 40 ක්.“

“මේක හැමෝටම තේරෙන එකෙන් කිව්වොත්, ත්‍රීවීල් එකක් වගේ ගත්තොත්, ලක්ෂ 5ක් මිනිස්සු වැඩ කරනවා. ඒ කියන්නේ මිලියන භාගයක්. ඒ ගොල්ලන්ට ආදායම රු. 2,000 ක් වෙන්න නම්, 2000 වැඩි කිරීම මිලියන භාගය කියන්නේ මිලියන 1,000 ක්. දවසකට ත්‍රීවිල්වලට බිල් ගෙවන්න විතරක් බිලියන 1ක් ඕනේ.“

“හැබැයි අර බිලියන 40, විනාශ කරමින් පැවතුණොත් ඒ බිලියන 1 මිනිසුන් අතින් නැතුව යනවා. ඒ ත්‍රීවීල් එකට. ඒ වගේ මුලු රටේ ආර්ථිකයටම මේක සම්පූර්ණයෙන්ම බලපවත්වනවා. මං හිතන්නේ මේ හැමෝම, සාමකාමීව හිටියොත් විතරයි මේ තියෙන ප්‍රශ්නෙන් ගොඩඑන්න පුළුවන්.“

“කාලතුවක්කු, ගුවන්යානා තිබුණු ත්‍රස්තවාදියොත්, මේ හමුදාවෙන්ම, මේ පොලිසියෙන්ම විනාශ වුණා. ඒක හින්දා මම හිතනවා, මේ මිනිසුන්ට බය වෙන්නේ නැතුව, ඒ වගේ ක්‍රියාදාම කරන්න හමුදාවටයි, පොලිසියටයි බාර දීලා, තමන් සාමකාමීව හිටියොත් විතරයි, මේ ප්‍රශ්නේ මෙතනින් අරන් යන්න පුළුවන්.“

“ඇත්තටම නැත්තන් මේ කරන්නේ, සම්පූර්ණම Nation branding එකම විනාශ වෙන එකක්. ඒ කියන්නේ export වලටද, investment වලටද, රස්සාවල්වලට ද, මේ ඔක්කොම බලපානවා.“

“ඒ වගේම තමයි පහුගිය අවුරුදු 4ට, රස්සාවල් ලක්ෂ 4 ක් නැතිවෙලා තියෙනවා. මේ වගේ දේවල් වුණොත් මේ අවුරුද්දෙත් තවත් ලක්ෂයකට විතර නැතිවෙයි. ඒක හින්දා මම හිතනවා, හැමෝම සාමකාමීව හිටියේ නැත්තන්, මේ ප්‍රශ්නේ විසඳගන්න හම්බුවෙන්නේ නැහැ.“

“දැන් සංචාරක ව්‍යාපාරයට වෙච්ච පහර වගේම තමයි, මේ දැන් වෙන දේ වලින් සංචාරක කර්මාන්තය නැගිටින්නේ කවදාද කියන එක, දිග්ගැසේසෙන එක විතරයි සිද්ධ වෙන්නේ. සංචාරක කර්මාන්තය පටන් ගන්නවා කියන දවස පටන් ගන්නේ, රටේ මිනිස්සු හරියට ඉස්කෝලවල්වල ගිහිල්ලා, රටේ මිනිස්සු පන්සල්, පල්ලි, කෝවිල්වලට ගිහිල්ලා, එයාර්පෝට් එක හරියට ඕපන් කරපු දාට තමයි, සංචාරක කර්මාන්තය අර කියන සියයට 30 අඩුවෙන් පටන් ගන්නේ. එදාට වෙනකං සංචාරක කර්මාන්තය සියයට 90 ක් විතර වැටිලා තියෙයි.“

“හැබැයි ඒ පටන් ගන්න දවස, දිනෙන් දින දික්වුණොත් එහෙම, මම හිතනවා මේක සමහරක් වෙලාවට අවුරුද්දක්, දෙකක් වුණත් ඉදිරියට ඇදගෙන යන්න පුළුවන්.“

“රටේ මිනිස්සු හැසිරෙන ආකාරයත් එක්ක තමයි, මේ සංචාරක කර්මාන්තයෙයි, ඉදිරි ආර්ථිකයෙයි, නැගිටින දවස පටන්ගන්නේ, මේ හැමෝගේම ක්‍රියාකාරකම් උඩ. මේ අය මේ වගේ දේවල්වලට පෙළඹෙන්නේ නැතුව, මහා සංඝරත්තනය ඇතුළු, කාදිනල් උන්නාන්සේ ඇතුළු පූජකතුමන්ලා මේවට ඉදිරිපත් වෙලා, මේ ගින්න නිවයි කියලා මං හිතනවා ඉදිරියේ දී.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More