දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ට පමණක් රජයෙන් අලුතින් මිලියන හැටක ධනයක් ලැබී ඇති බවත් ඊට අමතරව රජයෙන් තීරු බදු රහිත මිලකට සුඛෝපභෝගී මෝටර් රථයක් ලැබී ඇති බවත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්දසංගරී මහතා පවසයි.
කිළිනොච්චියේ වට්ටකච්චි ප්‍රදේශයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියකදී මෙම අදහස් පලකළ ආනන්ද සංගරී තමා මේ කාරණ ප්‍රකාශය අසත්‍යක්නම් ඊට අභියෝග කරණ ලෙසත් ඉල්ලා සිටියේය.
සුමන්තිරන් මන්ත්‍රීවරයා පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරු ජීවත් වන්නේ රජයෙන් ලැබෙන අල්ලස් මුදලින් බව පවසන ආනන්ද සංගරී මහතා ජනතාව රවටා ඔවුන් රජයේ මුදල් පමණක් නොව විවිධ තාන්න මාන්නද ලබා ගන්නා බව කියා සිටියේය.
සුමන්තිරන් මන්ත්‍රීවරයාට ජනාධිපති නීතිඥ ධූරයල් ලැබීම මේ සඳහා දිය හැකි හොදම උදාහරණය බව කී ආනන්ද සංගරී උතුරේ ඔහුට වඩා දක්ෂ පරිණත හා ජ්‍යේෂ්ඨ නීතිඥවරුන් සිටියදී සුමන්තිරන්ට පමණක් ජනාධිපති නීතිඥධූර ලැබුණේ ඔවුන් යටින් රජය සමඟ වෙනම දේශපාලන ගණුදෙණුවක් කරගෙන යන නිසා බවද කියා සිටියේය.
පසුගියදා ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයන්ද මෙම චෝදනාව එල්ල කරමින් පවසා සිටියේ පුංචි මැතිවරණයෙන් පසු නව ව්‍යවස්ථාව ගෙන ඒම සදහා බෙදුම්වාදී බලවේග වලට ආණ්ඩුව මේ දිනවල කප්පම් දීමට කටයුතු කරමින් සිටින බවය.
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...
රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මෙරට රුපියල් ආදායම අඩුවී ගොස් ඇති නිසා තවත්...