දේශීය පුවත්

මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය වන ලිට්රෝ ගෑස් සමාගම සඳහා නව අධ්‍යක්ෂක මණ්ඩලයක් මංගල සමරවීර අමාත්‍යවරයා සමග ඊයේ 14 දින කොම්පඤ්ඤ වීදියේ පිහිටි ලිට්රෝ ගෑස් ප්‍රධාන ආයතනයේ දී වැඩ ආරම්භ කරන ලදී.

ඊයේ (14) දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස මොහොමඩ් ෆාරුක් නොමැති අය පත් කර තිබූ අතර ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් ලෙස ජෙහාන් විජේරත්න, සමන්ත පෙරේරා, දයා රත්නායක, රත්නසිරි පෙරේරා යන අය පත් කරන ලදී.

මෙම ආයතනයේ වැඩ ආරම්භ කිරීම ඊයේ (14) දින සිදුවූ අතර මංගල සමරවීර අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු වන තුසිත හල්ලොලුව මහතා විසින් හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මුදිත පීරිස් මහතාට දන්වා තිබුණේ ඊයේ (14) දින නව අධ්‍යක්ෂක මණ්ඩලයක් වැඩ භාරගැනීමට නියමිත බැවින් වහාම සේවා ස්ථානයෙන් ඉවත් වන ලෙස ය.

මේ සම්බන්ධව හිටපු කළමණාකාර අධ්‍යක්ෂක මුදිත පීරිස් මහතා විසින් පවසා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මෙම මැදිහත්වීම නීත්‍යානුකූල නොවන බැවින් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතූ බවත් ය. එබැවින් අද දින මුදිත පීරිස් මහතා තම නීතිඥයෙකු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට කියා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇමතිවරයාගේ මෙම වර්තමාන ක්‍රියා කලාපය නිත්‍යානුකූල නොවන බවත් එම පත්වීම් අවලංගු කරන ලෙස ය.

අධිකරණ විනිසුරුවන් මෙම ඇපැල සලකා බලා වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය නීත්‍යානුකූල නොවන බවන් හිටපු කළමණාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් මහතා සහ අධ්‍යක්ෂක මණ්ඩලයට අද දින (15) ආයතනයේ වැඩ බාර ගන්නා ලෙසත් නියෝග කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More