දේශීය පුවත්

කුලියාපිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව ඔහුට ස්ථාන මාරුව ලබා දුන් බව ය.

ඒ අනුව ඔහු කළුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.

කුලියාපිටිය කොට්ඨාසය භාර නව පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇත්තේ, නුගේගොඩ කොට්ඨාසයේ සිටි පොලිස් අධිකාරීවරයෙකි.

මේ අතර මෙතෙක් පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ අධීක්ෂණය යටතට පත් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, සේවා අවශ්‍යතා මත වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More