පළාතේ සියලු පාසල් වල අධ්‍යයන කටයුතු අද (15) දිනයේ යලි ආරම්භ කෙරෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පවසයි.
ඔහු පවසන්නේ සියලු රාජ්‍ය ආයතනවල කටයුතු ද සුපුරුදු පරිදි අද සිට යලි ආරම්භ වන බවයි.
පසුගියදා ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙන් වයඹ පළාත සදහා දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය යොදවා තිබුණි..
කෙසේවෙතත් ඊයේ (14) පස්වරු 04.00 සිට පස්වරු 06.00 දක්වා පැය දෙකක කාලයක් පනවා තිබූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරිමට පොලිසිය කටයුතු කළේය.
යලි ඊයේ පස්වරු 06.00 සිට වයඹ පළාත සදහා ඇදිරි නීතිය පැනවීමට පොලිසිය කටයුතු කළ අතර එය අද උදෑසන 06.00න් ඉවත් කෙරුණි.
එම නිසා වයඹ පළාත තුළ ජන ජිවිතය සුපුරුදු පරිදි පවත්වාගෙන යන ලෙස ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ඉල්ලීමක් කරයි.
මේ අතර දිවයිනේ සියලු පළාත් සදහා ඊයේ රාත්‍රී 09.00 සිට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද අළුයම 04.00න් අවසන් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...