දේශීය පුවත්

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සාමකාමීව එදිනෙදා කටයුතුවල නිරත වන ලෙස තෛයිනිකායික මහනාහිමිවරුන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම අවස්ථාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමෙහි නිරතව සිටින ආරක්ෂක අංශවලට මැදිහත්ව රටට හිතැතිව කටයුතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සියලුදෙනාගේ පරම යුතුකමක් බවයි උන්වහන්සේ පෙන්වා දෙයි.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහ නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස සහ රාමඤ්ඤ මහ නිකායේ මහනායක නාපාන ශ්‍රී පේමසිරි යන මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

සියලු වාර්ගික හා ආගමික සමඟිගිය, සාමදානය තහවුරු වන සේ කටයුතු කිරීම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ හා විශේෂයෙන් පාලකයින් සතු බලවත් වගකීමක් බව පෙන්වාදෙන මහනාහිමිවරුන් පවසන්නේ බලය මුල්කරගෙන ඡන්ද ගොඩ වැඩි කරගැනීමේ චේතනාවෙන් කටයුතු කිරිමේ ප්‍රතිඵලයක් ලෙස අයහපත් ප්‍රතිඵල රැසක් උද්ගතව ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් පවතින අවස්ථාවක දී ඇතැම් වගකිව යුතු අමාත්‍යවරුන් සිදුකරන ප්‍රකාශ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි යැයි මහනාහිමිවරුන් පවසයි.

පාස්කු ඉරු දින ඇතිවූ අවාසනාවන්ත සිද්ධියේ වින්දිතයින්ගේ සිත් සතන් තුළ විශ්වාසය හා නීතිය සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවට එය නොසලකා හරිමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන අතර නිසි වේලාවට, නිසි ආකාරයට කටයුතු නොකිරීම ප්‍රචණ්ඩ ක්‍රියාවන් යළි ඇතිවීමට හේතුවී ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙයි.

මීට පෙර අවස්ථා කිහිපයක දී රටේ යහපැවැත්ම හා අභිවර්ධනය උදෙසා මහා සංඝරත්නය විසින් අනුශාසනා ලබා දී ඇති නමුත් ඒවා නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස නැවත නැවත බලධාරීන්ගේ අවධානයට එම කරුණු යොමු කිරීමට සිදුවීම කණගාටුවට කරුණක් බව ද තෛයිනිකායික මහනාහිමිවරුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More