දේශීය පුවත්

චීනය ශ්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන ඉතා වැදගත් සුවිශේෂ ගිවිසුම් 03කට එරට එක් දින නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන රජය අද(14) දිනයේ දී අත්සන් තැබීමට නියමිතයි.

වසරක් පාසා වැඩිම සංචාරකයන් පිරිසක් චීනයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ශ්‍රී ලංකාවේ විශාලම ආයෝජන අවස්ථාවන් ද චීනය මඟින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම ගිවිසුම් ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර පැවති නිල හමුවේ දී 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහ සියලූ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබෙන ආරක්ෂක විධිවිධාන පිළිබඳ විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය.

මේ අතර ජනාධිපතිවරයා කළ විශේෂ ඉල්ලීමක් පරිදි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ජීප් රථ 100ක් වහාම ශ්‍රී ලංකාවට ලබාදීමට ද චීන රජය එකඟතාවය පළ කර තිබේ.

මීට අමතරව චීනයේ බීජිං නගරයේ දී හෙට පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී ජනාධිපතිවරයා රට තුළ පවතින වත්මන් තත්ත්වය සහ රටේ අනාගතය වෙනුවෙන් ගන්නා වූ සුබවාදී තීරණ ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ පැහැදිලි කරනු ඇත.

රාජ්‍ය නායකයා ලෙස, පසුගියදා රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කරමින් තිඛෙන පරිසරයක ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කිරීමට නියමිතය.

අන්තවාදී කණ්ඩායම්වල පටු අරමුණුවලට ඉඩක් නොතබා නීතිය තදින් ක්‍රියාත්මක කරමින්, රටේ සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලූ තින්දු තීරණ ජනාධිපතිවරයා විසින් ගෙන තිඛෙන අතර එම වගකීම් තවදුරටත් ඉදිරියට ගෙන යාමට ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරින්ට බලය පවරා ඇති තත්ත්වය ද ජනාධිපතිවරයා මෙහි දී ලෝක නායකයන් හමුවේ පැහැදිලි කරනු ඇත.



One thought on “ජාතික ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂි ගිවිසුම් 3කට චීනයේ දී අත්සන් තැබීමට නියමිතයි”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More