විදේශ පුවත්

ඉන්දීය රජය විසින් තවත් වසර පහක කාලයක් සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබේ.

ඉන්දීය රජයේ සෛවරීත්වයට හා භෞමික අඛණ්ඩත්වයට එම සංවිධානය හරහා බාධාවක් ඇතිවන අන්දමේ ක්‍රියාකාරකම් ඇති බව සඳහන් කරමින් මෙසේ එම සංවිධානය තවත් වසර පහක කාලයක් තහනම් කිරීමට කටයුතු කර තිබේ.

එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ එම සංවිධානය තවදුරටත් ඉන්දීය ජාතියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පැනවූ තහනම වහාම ක්‍රියාත්මකවන පරිදි බලපාන බවත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව අන්තර්ජාලය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ දමිල ජනතාව අතර ඉන්දීය විරෝධයක් ඇතිකිරිමට උත්සාහ කරන බවත් ඔවුන් සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරිමට ඉන්දියාව වගකිව යුතු බවට ඔවුන් මතයක් නිර්මාණය කරමින් යන බවත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 2009 වසරේදී ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කළත් ඔවුන්ගේ ඊලාම් සිහනය තවදුටත් අත් හැර නොමැති බවද ඉන්දියාව පවසයි.

සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කිරිමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවත් ඉතිරි වී ඇත් එල්.ටී.ටී.ඊ. නායකයන් හා සාමාජිකයන් නැවත ඒකරාශිවීමට කටයුතු කරන බවත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More