ව්‍යාපාරික පුවත්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට එහි විධායක කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම ණය පහසුකමේ අවසන් වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 164.1 දශම එකක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතව තිබේ.

තුන් අවුරුදු ව්‍යාපෘතියක් යටතේ 2016 වසරේ ජුනි මස 03 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහක මුදලක් ලබා දීමට එකඟතාව පළ කරනු ලැබීය.

අදාළ ව්‍යාපෘතියේ අවසන් වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ලබාදීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටවනු ලැබීය.

කෙසේවෙතත් ජනවාරි මාසයේ මෙරට බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවලින් පසුව අදාළ ණය වාරිකය ලබාදීමට එකඟතාව පල කෙරුණි.

එම ණය වැඩසටහන වසරකින් දීර්ඝ කිරීමට ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟ වු අතර ඊයේ දිනයේ රැස්වූ විධායක මණ්ඩලය ලබන වසරේ ජුනි 02 වන දින දක්වා එම කාලය දීර්ඝ කිරීමට එකගතාව පල කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More