දේශීය පුවත්

ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා වයඹ පළාතටම බලපැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (13 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.

සංවිධානාත්මක කණ්ඩායම් විසින් කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ ප‍්‍රදේශ කීපයකම කොබෙයිගනේ සහ රස්නායකපුර ප‍්‍රදේශවල මුස්ලිම් දේවස්ථාන වෙළෙඳසල් නිවාස ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීම නිසා එම ප‍්‍රදේශවලට දැඩි ආරක්‍ෂාවක් ලබා දීමට පොලිසිය කටයුතු කර ඇත.

සංවිධානාත්මක කණ්ඩායම් විසින් කුලියාපිටිය, හෙට්ටිපොල, දුම්මලසූරිය, බිංගිරිය ප‍්‍රදේශවල මුස්ලිම් දේවස්ථාන, මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳසල් නිවාසවලට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ගෙන සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබිණි.

සංවිධානාත්මක කණ්ඩායම් විසින් මුස්ලිම් දේවස්ථාන වෙළෙඳසල් සහ නිවාස කීපයකට ප‍්‍රහාර එල්ල කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More