පුරවැසි කොලම

ගාර්ඩියන් වෙබ් සඟරාව (THE GUARDIAN) වාර්තා කරන ආකාරයට ලන්ඩන් නුවරදී විභාගයට ගැනුණු සිරියාවේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට චෝදනාවට ලක්වූ ස්වීඩන් ජාතික බහර්ලින් ගිල්බෝ ගේ නඩුව 2015 වසරේ ජනවාරි 1වෙනි දින කඩා වැටුණි. ඊට හේතු වූයේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවාව වන MI6 සහ ඇමරිකාවේ ඔත්තු සේවාව CIA සංවිධානය සමඟ එකට එක්ව 2012 දී ලිබියාවේ අනාරක්ෂිතව තිබූ ආයුධ තොග සිරියාවේ ත්‍රස්තවාදීන් අතට පත් කිරීමට දියත් කළ ක්‍රියාන්විතය හෙළිදරව් වීම ය. එම නඩුව දිගින් දිගටම විභාග වීම මගින් එම ඔත්තු සේවා ලෝක පවාදයට ලක්වීම වළක්වා ගැනීම සඳහා පැමිණිල්ල විසින්ම එම නඩුව ඉල්ලා අස් කර ගනු ලැබීය.

ඒ අතර ඉන්සර්ජ් ඉන්ටෙලිජන්ස් (Insurge Intelligence) නම් වූ ස්වාධීන ජාත්‍යන්තර මාධ්‍යවේදී එකතුව විසින් 2016 දී ප්‍රකාශයට පත් කළ වාර්තා අනුව ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය පමණක් නොව ඔවුන්ගේ සහායක රටවල් වන තුර්කිය සෞදි අරාබිය සහ පාකිස්ථානය වැනි රටවල්ද ජිහාඩ් ත්‍රස්තවාදීන්ට විශේෂයෙන්ම ඉරාකයේ අල්කයිඩා හෙවත් ISIS සංවිධානයට ආයුධ, මුදල් සහ පුහුණුව ලබාදී ඇති බවට ඉතා පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වී ඇත. එම වාර්තාවලට අනුව ලෝකය පුරා ගැටුම් තුළ රාජ්‍ය නොවන පාර්ශව ලෙස සැලකෙන ජිහාඩ් සටන් කරුවන්ට සහය ලැබෙන්නේ ඔවුන් විසින් පහර දෙනු ලබන රටවල රාජ්‍ය වලින්මය. ඇමරිකාවේ 9/11 ප්‍රහාරය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත් කළ කොමිසමේ සහ සෙනෙට් සභාවේ රහස් තොරතුරු කමිටුවේ සේවය කළ මහාචාර්ය ඩැනියල් බයිමන් (ජෝර්ජ් ටවුන් විශ්ව විද්‍යාලය) විසින් ප්‍රකාශයට පත් කළ වාර්තාවක් මඟින් එම විෂම චක්‍රයේ බරපතළකම තවදුරටත් තහවුරු වේ.

ඊට අනුව අද යුදමය අර්බුදයකට ලක් වී ඇති සිරියානු රජය විසින් ඇමරිකානු විරෝධී යැයි ලේබල් අලවාගෙන සිටින සුන්නි අන්තවාදී සංවිධාන වලට රට තුලට ඇතුල් වීමට ඉඩ සැලසීය. එම සංවිධානය අතර පසුකාලීනව අයි.එස් සංවිධානය බවට පරිවර්තනය වූ අල්කයිඩා සංවිධාන ද අයත් විය. නමුත් ඒ වනවිට අල්කයිඩා සංවිධානය සහ CIA සංවිධානය අතර පැවති සබඳතා හෙළි දරව් වී තිබුණි. ඒ ආකාරයට මූලධර්මවාදී ජිහාඩ් ත්‍රස්තවාදීන් පුහුණු කොට සන්නද්ධ කිරීමෙන් තම අරමුණු ඉටු කර ගත් පසුව ඔවුන් මර්දනය කළ හැක යන අමන තකතීරු න්‍යාය මේ වනවිට ප්‍රායෝගිකව ප්‍රතික්ෂේප වී ඇත. එම න්‍යාය යටතේ ගොඩනැඟූ මූලධර්මවාදී ත්‍රස්තවාදය අද මුළු ලෝකයම භීතියට පත් කරමින් ඇත. එහෙත් එසේ මොළ සෝදා සන්නද්ධ කළ ත්‍රස්තවාදී කණ්ඩායම් සිරියාවේ පරාජයෙන් පසුව ඔවුන්ගේ ස්වාමිවරුන් විසින් තෝරා දෙන වෙනත් රටවල් වල මෙහෙයුම් වලට සම්බන්ධ වීමේ වැඩි ඉඩකඩක් ඇත. මොළ සෝදාගත් වෘත්තීය සටන්කරුවකු ට තම රක්ෂාව බේරා ගැනීම මූලික සහ තීරණාත්මක කොන්දේසියක් බවට පත් වේ.

සිරියාවේ සටන් වැදුණු අයි.එස් නමින් නැවත නාමකරණයට ලක් වූ ඉරාකයේ අල්කයිඩා සටන් කරුවන් අතට පත් වූ ආයුධ 40,000ක් කර්මාන්තශාලාවේ සිට සටන් කරුවන් අතට පත්වීම දක්වා ගමන් මග පරික්ෂා කිරීමේ පර්යේෂණ ව්‍යාපෘතියකට අනුව ඒවා ඇමරිකානු මූලාශ්‍ර වලට බැර විය. එම පරීක්ෂණ සිදුකරනු ලැබුවේ ‘’ගැටුම් ආයුධ කරන පර්යේෂණ’’ (Conflict Armament Research) නම් වූ ආයතනයක් මගිනි. ඒ සඳහා අරමුදල් සපයා ඇත්තේ යුරෝපා සංගමය විසිනි. එම නිසා එම සොයා ගැනීම් ප්‍රතික්ෂේප කිරීම අපහසු වී ඇත.

ඒ ආකාරයට ඉස්ලාම් මූලධර්මවාදය අධිරාජ්‍යවාදී රටවල් විසින් තම ගෝලීය දේශපාලන අරමුණු හෙවත් තම රටවල විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ උපාංගයක් ලෙස යොදාගැනීමේ භයානක ක්‍රියාව ආරම්භ වන්නේ 1730 ඉන්දියාවේ දී ය. ඒ මොහොමඩ් ඉබන් අල් වහාබ් නම් වූ ඉස්ලාම් පූජකවරයා විසින් ඉස්ලාම් ධර්මයේ අන්තවාදී ප්‍රවණතාවක් වන වහාබ්වාදයට උපත ලබා දීම තුළිනි. මූලධර්මවාදී ඉගැන්වීම් තමාගේ වෙන්කොට පාලනය කිරීමේ න්‍යාය යටතේ උපාංගයක් ලෙස යොදා ගැනීමට බ්‍රිතාන්‍ය පාලකයින් තීන්දු කිරීම නිසා එම ඉගැන්වීම රාජ්‍ය අනුග්‍රහයය යටතේ ප්‍රචලිත කෙරිනි.
ඉන්පසු වහබ්වාදය 1744 යෙදී සෞදි අරාබියාවේ රාජ්‍ය ආගම ලෙස පිළිගැනෙන්නේ බ්‍රිතාන්‍ය විසින් පිහිටු වූ රාජාණ්ඩුව හරහා ය. එතැන් පටන් අද වන විට වහබ්වාදය යොදා ගනිමින් විවිධ රටවල ජෙහාඩ් සටන් කරුවන් මගින් බටහිර රටවල් තම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ පැහැදිලි සාක්ෂි ඇත. ‘’ගෝලීය පර්යේෂණ’’ (Global Resarch) නම් වූ ආයතනය විසින් 2014 සැප්තැම්බර් මාසයේ දී පළ කළ වාර්තාවකට අනුව ඇමරිකාව විසින් ඛනිජ තෙල් සපිරි මැදපෙරදිග රටවල් භේද භින්න කොට පාලනය කිරීම සහ ඉරානය විසින් එම කලාපයේ පෙන්වනු ලබන බලය හීන කිරීම සඳහා අල්කයිඩා සංවිධානය යොදාගත් බව සහ පසුව එය සිරියාව දක්වා ගෙනයාම සඳහා අයි.එස්.අයි.එස් බව ඔප්පු වේ.

කෙසේ වෙතත් ඉස්ලාම් මූලධර්මවාදය ත්‍රස්තවාදී උපාංගයක් ලෙස යොදා ගැනීමේ මෙම පවුර ප්‍රවණතාවය බලවත් ලෙස ආත් ලෙස ආරම්භ වන්නේ සීතල යුද්ධය සමයේ දී ය. එනම් සමාජවාදී සෝවියට් රුසියාවට සහ ඒ ආදර්ශය මත වර්ධනය වන තුන්වන ලෝකයේ ජාතිකවාදී රාජ්‍ය වලට එරෙහිව ය. එම සමයේදී ඇමරිකාව යොදාගත් ප්‍රභලතම අවිය වූයේ දේශපාලන ඉස්ලාම් දහම හෙවත් ඉස්ලාම් ආගමික මූලධර්මවාදය බව පැහැදිලිව ඔප්පු වේ. ඇමරිකාව විසින් එම මූලධර්මවාදී ත්‍රස්තවාදය දීර්ඝ කාලයක් තිස්සේ පෝෂණය කළ බව පිළිගන්නේ අන් කතිසිවෙකු නොව රොනලඩ් රේගන් ජනාධිපතිවරයා යටතේ ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ජෙනරාල් විලියම් ඕඩම් විසිනි. ඔහුට අනුව 1970 දශකයේදී රටවල් තුනක ඉස්ලාම් අන්තවාදී සංවිධාන පෝෂණය කිරීමට CIA සංවිධානය මැදිහත් වී ඇත. එම ක්‍රියාවලියේ අරමුණ සෝවියට් රුසියාවට හිතවාදී ජාතිකවාදී වාමවාදී රාජ්‍ය නායකයින් බලයෙන් පහ කිරීම සඳහා එම රටවල් දේශපාලන සහ ආර්ථික වශයෙන් දුර්වල කිරීමය.
ඊජිප්තුව

අරාබිකරයේ මාක්ස්වාදය ප්‍රචලිත කිරීම සහ සෝවියට් හිතවාදී රාජ්‍ය බිහි කිරීම වැළැක්වීම සඳහා ඊජිප්තුවේ බලවත් වාමවාදී පාලකයකු වූ අන්වර් සදාන්ගේ පාලනය බිඳ දැමීම සඳහා එම රටේම මුස්ලිම් සහෝදරත්වය නමින් ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදී සංවිධානයක් ගොඩ නැගීමට CIA සංවිධානය මුල් වී ඇත.

ඉන්දුනීසියාව
ඉන්දුනීසියාවෙ මාක්ස්වාදී නායකයෙකු වූ ජනපති සුකර්නෝ ගේ පාලනය පෙරළා දැමීම සඳහා CIA සංවිධානය ඉතා විවෘතව මැදිහත් වන්නේ චීන ආධිපත්‍යය වර්ධනය වීම වැළැක්වීමේ දේශපාලන තීන්දුවක් ලෙස එම මැදිහත්වීම් සාධාරණීකරණය කරමිනි. ඒ සඳහා යොදා ගන්නේ සරෙකට් ඉස්ලාම් නම්වූ මූලධර්මවාදී සංවිධානයකි.

පකිස්තානය
පකිස්ථානයේ සෝවියට් හිතවාදී වාමාංශික අගමැතිවරයකු වූ සුල්පිකාර් අලි භුතෝ ගේ පාලනය පෙරළා දැමීම සඳහා ඔහුට එරෙහිව යොදා ගනු ලබන්නේ ජමාද් ඉ ඉස්ලාම් නම් වූ මූලධර්මවාදී සංවිධානයකි. මෑත කාලීනව ද පාකිස්තානයේ ඉස්ලාම් අන්තවාදී පිරිස් නඩත්තු කිරීම සඳහා එම සංවිධානය යොදා ගන්නා බවට චෝදනා එල්ල වේ.

ඇෆ්ගනිස්තානය
ඇෆ්ගනිස්තානයේ නජිබුල්ලා පාලනය ආරක්ෂා කිරීම සඳහා සෝවියට් හමුදා මැදිහත්වීම ඇමරිකාව කිසිසේත්ම ඉවසුවේ නැත. ඔවුන් එම අභියෝගයට මුහුණ දෙන්නෙ ‘’තලේබාන් ‘’ නම් වූ ඉස්ලාම් මූලධර්මවාදී සංවිධානයක් බිහි කිරීම මගිනි. එය1980 දශකයේ ආරම්භවූ ප්‍රවණතාවයකි.

අල්කයිඩා
ඇෆ්ගනිස්ථානයෙන් ආරම්භ වන ක්‍රියාවලියේ දෙවන පියවර වූයේ අල්කයිඩා නමින් නව සංවිධානයක් බිහි කිරීමය. එහි තේරුම ‘’ඩේටබේස්” හෙවත් දත්ත පද්ධතිය යන්නයි. එනම් එතෙක් බිහි කළ සියළු ඉස්ලාම් අන්තවාදීන්ගේ එකතුව යන්නයි. බ්‍රිතාන්‍ය හිටපු විදේශ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ දී ඉතා බරපතළ ප්‍රකාශයක් කරමින් අල්කයිඩා සංවිධානය බටහිර ඔත්තු සේවාවල දරුවෙක් බව තහවුරු කළේය. ඔහුට අනුව එම ‘’දත්ත පද්ධතියට’’ CIA සංවිධානය විසින් පුහුණු කළ සහ සෞදි අරාබියේ අරමුදල්වලින් නඩත්තු කල ඉස්ලාම් අන්තවාදීන් දහස් ගණනකගේ ලයිස්තුවක් එකතු වී ඇත. ඇමරිකාවේ කිරි දීමේ සහ පහර දීමේ දෙබිඩි ප්‍රතිපත්තිය ඉතා හොඳින් දැකගත හැකි වන්නේ අල් කයිඩා සංවිධානයට අදාළ ව ය.

ඉරාකයේ අරල්කයිඩා හෙවත් අයි .එස් ත්‍රස්තවාදීන්

2003 දී ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කොට එහි පැලපදියම් වීම සමග සුන්නි ඉස්ලාම් මූලධර්මවාදීන් ට වර්ධනය වීමට සරු පසක් නිර් නිර්මාණය විය ඇමරිකාව විසින් සදාම් හුසේන්ගේ නිරාගමික පාලනය පෙරලා දමා ෂයිට් මුස්ලිම් පාලනයක් පිහිටුවීම ඊට හේතුවිය ඇමරිකානු ගැති ඉරාක පාලනය තුළ සුන්නි මුස්ලිම්වරුන් ප්‍රදේශවල කර්මාන්ත ශාලා වැසී ගිය අතර දස දහස් ගණනින් රැකියා අහිමිවිය. ඒ තුළ ඉරාකය ඉස්ලාම් අන්තවාදය වර්ධනය කෙරෙන අභිජනන මධ්‍යස්ථානයක් බවට පත්විය. ඉරාක අල් කයිඩාව බලවත් වන්නේ එවැනි තත්ත්වයක් තුළය. 2010 වසරේදී එම කණ්ඩායම් අයි.එස්.අයි.එස් ලෙස නැවත නාමකරණය කරන්නේ සිරියාව ඉලක්ක කරමිනි. 2011 සිට සිරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කෙරෙන්නේ එම ඊනියා නව සංවිධානය වියොදා ගනිමිනි.

හිස්බුල්ලා සහ හමාස් අන්තවාදය
සිිරියාවේ ආරම්භ වන නව ක්‍රියාවලිය හරහා ඇමරිකාවේ මැදපෙරදිග සටන් සගයා වන ඊශ්‍රායලයට කලාපයේ වාසි සහගත තත්ත්වයක් උදාවිය. ඒ මගින් ඊශ්‍රායලයට එරෙහිව හෙවත් ඇමරිකාවට එරෙහිව අකණ්ඩ සටනක නියැලී සිටින ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට සහ පලස්තීනයේ හමාස් සංවිධානයට ලැබුණු ඉරාන සහ සිරියානු සහාය අඩාල විය. අයි.එස් සංවිධානය ඇමෙරිකාව විසින් සිරියාවේ අසාද් පාලනය පෙරළා දැමීමේ අරමුණට අමතරව ඉරානයට පීඩනය එල්ල කිරීමේ අරමුණ සඳහා ද යොදා ගත් බව පැහැදිලිය.

ඉස්ලාම් අන්තවාදයේ වැදගත්කම
ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මූලධර්මවාදි අන්තවාදය අරමුණු කිහිපයක් සඳහා යොදා ගන්නා බවට චෝදනා එල්ලවෙයි. පළමු වැන්න ඇමරිකානු විරෝධී ආණ්ඩු දුර්වල කිරීම සහ පෙරළා දැමීම ය. දෙවැන්න එවැනි රටවලට පය තබා ගැනීමට හෙවත් ඒවා ආක්‍රමණයය කිරීම සාධාරණීකරණය කිරීම සඳහා ඉඩක් පාදා ගැනීම ය. තුන්වැන්න ඇමරිකාව තුළ ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී සමාජ ආවේක්ෂණය හෙවත් මහජනයා පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලීම සාධාරණ සාධාරණීකරණය කිරීමය. ඇමරිකාවේ බරපතළ යුද යාන්ත්‍රණය මෙන්ම යුද්ධය මත පදනම් වූ සේවා හා භාණ්ඩ වෙළෙඳ පොළ තුළ ඇමරිකානු සමාගම් වල කොටස් වර්ධනය කිරීමද සාධාරණීකරණය කෙරෙන්නේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය හෙවත් තමා විසින් කිරි පොවා හදා වඩා පෝෂණය කළ ත්‍රස්තවාදියාට පහර දීමේ ක්‍රියාවලිය මගිනි. 2001 සැප්තැම්බර් 11 ඛේදවාචකයන් පසුව ඊනියා ත්‍රස්ත විරෝධී යුද්ධය සඳහා ඇමරිකානු ජනතාවගේ අරමුදල්වලින් ඩොලර් බිලියන 6.6ක් යොදාගෙන ඇත. ඒ මගින් බිහිවන වෙළඳපල අත්පත් කරගන්නේ ඇමරිකානු යුදවාදී සමාගම් විසිනි.

ඉස්ලාම් අන්තවාදයේ මූල බීජ
‘’ ඉස්ලාම් සහ කළු නිදහස් දේවධර්මවාදය’’ කෘතිය මගින් මහාචාර්ය බිල් වොර්නර් ඉතා තර්කානුකූලව සඳහන් කරන්නේ මූලධර්මවාදයේ උපත කුරාණය තුළින්ම සිදුවන බවය. වහබ්වාදය වැනි කුරානයේ ඉගැන්වීම් නැවත පැහැදිලි කෙරෙන නව දහමක් මගින් මෙන්ම කුරානයේ ඉගැන්වීම් තවදුරටත් විකෘති කිරීම මගින් හෝ වැරදියට පරිවර්තනය කිරීම මගින් එම උපත සිදුවන බවට ඔහු තර්ක කරයි. ඔහු තර්ක කරන ආකාරයට කුරාණයට අනුව කෆීර් (KAFIR) හෙවත් අල්ලා දෙවියන් විශ්වාස නොකරන්නාට එරෙහිව වෛරය සහ ප්‍රචණ්ඩත්වය වැපිරීම මුස්ලිම් වරුන්ගේ පූජනීය වගකීමකි. ඒ තුළ පීඩාවට පත් වන්නන්ගේ වේදනාවට වටිනාකම්ක් හෝ පිළිගැනීමක් නැත. එම ඉගැන්වීම් නිසා පසුගිය වසර 1400 කාලය තුළ ජිහාඩ් ප්‍රහාර මගින් අල්ලා දෙවියන් විශ්වාස නොකරන්නන් මිලියන 270 ක් ඝාතනය වී ඇති බවට කතුවරයා සාක්ෂි ඉදිරිපත් කරයි.

අයි.එස් ත්‍රස්තවාදීන්ගේ නූතන භූමිකාව
ප්‍රචණ්චණ්ඩ අන්තවාදය අධ්‍යයනය කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ( International Center For viocent extremism) අධ්‍යක්ෂිකාව වන ඈන් ස්පෙක්හාඩ් (Anne specknard) මහත්මියගේ පර්යේෂණ අනුව සිරියාවේ සටන් කළ සහ පුහුණුව ලැබූ ත්‍රස්තවාදීන් පිරිස 45,000කි. ඇයට අනුව ඉන් අඩක් සිරියාවේදී අත්පත් කරගත් පරාජයට පසුව තම මව්බිම් වලට හෝ ලෝකයේ වෙනත් තෝරාගත් සටන් බිම් වලට සංක්‍රමණය වනු ඇත. ඒ අතුරින් ශ්‍රී ලංකාවට පැමිණිය හැකි පිරිස් පිළිබඳව කිසිවෙකුට තක්සේරුවක් නැත.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් ගේ සංවිධානය සමඟ ශ්‍රී ලංකාවේ රජය ඇති කරගෙන තිබෙන එක්ඟතාවය අනුව ඉන්දියාව , පකිස්ථානය , බංග්ලාදේශය වැනි කලාපයේ ඕනෑම රටක් හරහා ඔවුනට ශ්‍රී ලංකාවට පැමිණ එම සංවිධානයෙන් ජීවන ආධාරයක් ලබාගැනීමේ හැකියාවද ඇත. අවශ්‍ය නම් විල්පත්තු වැනි නීතිවිරෝධී ජනාවාසයක ඉඩමක් සහ නිවසක් ලබාගෙන පදිංචි වීමේ හැකියාවද ඇත.

ඉහත ඳහන් කළ ආකාරයට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර යොදාගනිමින් මෙරටට මැදිහත් වීම සඳහා බටහිර අධිරාජ්‍යවාදී රටවල් විසින් යොදා ගන්නා න්‍යාය හැඳින්වෙන්නේ ‘’ආපදා අධිරාජ්‍යවාදය’’ ලෙසය. ඊට අනුව සුනාමිය වැනි ස්වාභාවික ආපදාවක් මෙන්ම පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි මිනිසුන් විසින් සිදු කරන මහා ප්‍රහාරයක් සමස්ත සමාජය ප්‍රබල කම්පනයකට ලක්වේ. එ සේ කම්පනයට ලක් වූ සමාජයක් හැසිරීම ඊට පෙර තිබූ සමාජයේ හැසිරීමට බෙහෙවින් වෙනස් වේ. එනම් එවැනි කම්පනයක් මගින් ඇමරිකානු මැදිහත් මැදිහත්වීමකට අකමැති සමාජයක් එවැන්නකට කැමති වන තත්ත්වයක් ඇති වේ. එම න්‍යාය තාක්ෂණිකව පැහැදිලි කෙරෙන්නේ අති කම්පන න්‍යාය ( SHOCK DOCTRIN)ලෙසය. මාධ්‍යවේදිනියක වන නයෝමි ක්ලේන් විසින් රචිත THE SHOCK DOCTRIN ග්‍රන්ථය මගින් ප්‍රායෝගික උදාහරණ සහිතව මෙම න්‍යාය පැහැදිලි කෙරේ.
එම ග්‍රන්ථය හදාරන ශ්‍රී ලාංකිකයන්ට අද සමාජයේ යම් පිරිස් විසින් සිදුකරන අන්තර්කාලීන ආණ්ඩු හැදීම හෝ ඇමරිකානු ඔත්තු සේවා හෝ හමුදා කැඳවීම වැනි යෝජනා සමාජය මත පැටවීමට උත්සාහ කරන්නේ කුමන පදනමක් මත ද යන්න පැහැදිලි වේ. කෙසේ වෙතත් එක් කම්පනයකින් සමාජය විසින් එවැනි දේ බාර ගැනීමට අවශ්‍ය මනෝභාවය සකස් නොවේ නම් දෙවැනි කම්පනයක්ද යොදාගත හැකි බව ‘’අති කම්පන න්‍යාය’’ මගින් පැහැදිලි කෙරේ.

වෛද්‍ය වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More